රු. බිලියන 3.2ක WindForce මූලික කොටස් නිකුතුවට අධිදායකත්වයක්

    March, 24, 2021

    WindForce ලිමිටඩ් විසින් අද (24) දිනයේ දී විවෘත කරන ලද මූලික මහජන කොටස් නිකුතුව (IPO) සඳහා ආරම්භක දිනයේ දීම අධිදායකත්වයක් ලැබී ඇති බව WindForce ලිමිටඩ් වෙනුවෙන් එහි ලේඛකාධිකාරී සමාගම විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    මෙහිදී රු. 16.00 බැගින් කොටස් 202,615,341 ක් මහජනතාව වෙත ඉදිරිපත් කළ අතර රු. බිලියන 3.24 ක ප්‍රාග්ධනයක් ඒ හරහා සම්පාදනය කර ගැනීමට සැලසුම් කර තිබුණි.

    සංස්ථා ප්‍රකාශයේ සඳහන් වූ පරිදි ආරම්භ දිනයේ දීම අධිදායකත්වයක් ලැබීම හේතුවෙන් අද පස්වරු 4.30 ට නිකුතුව වසා දැමීමට කටයුතු යොදා තිබේ.

    අයදුම්කරුවන් හට කොටස් විභජනය වන ආකාරය පසුව දැනුම් දීමට නියමිතය.

    2011 වසරින් පසු මෙරට දියත් කරන ලද විශාලතම මූලික මහජන කොටස් නිකුතුව (IPO) මෙය වේ.