රු. බිලියන 93ක විදුලියේ ණය ගෙවන්න මුදල් නිදහස් කරන්නැයි ජනපති මහා භාණ්ඩාගාරයට කියයි

    January, 24, 2022

    විදුලිබල මණ්ඩලය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවිය යුතු රු. බිලියන 93 ක ණය පියවීම සඳහා මුදල් නිදහස් කරන ලෙස ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් ලබා දී තිබේ.

    බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව අද (24) දිනයේ දී මාධ්‍යයට අනාවරණය කළේය.

    අපි පෙන්නලා දුන්නා අපිට දැනට රු. බිලියන 90 ක් විදුලිබල ක්ෂේත්‍රයෙන් ණයයි කියලා.

    ජනාධිපති ඒ ණය ටික ගෙවන්න විදුලිබල මණ්ඩලයට මුදල් නිදහස් කරන්න භාණ්ඩාගාරයට උපදෙස් දුන්නා.