රේගුව රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළ පරීක්ෂණ කඩිනම් කිරීමට පියවර

    February, 28, 2023

    ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන වාහන ඇතුළු භාණ්ඩ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ, විමර්ශන සහ අනෙකුත් අදාළ ක්‍රියාවලීන් නිම කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත වන බව නිරීක්ෂණය වී ඇත.
    ඒ හේතුවෙන් එකී භාණ්ඩවලට හානි වීම සහ විනාශ වීම ඇතුළු බොහෝ ආර්ථික පාඩු සිදු වන බැවින්, එවැනි භාණ්ඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව විසින් අනුගමනය කරනු ලබන දැනට පවතින ක්‍රියාදාමයන් කඩිනම් කළ යුතුව තිබේ.
    ඒ අනුව, එම කරුණු අධ්‍යයනය කර, අවශ්‍ය වන්නේ නම් රේගු ආඥාපනතට සිදු කළ යුතු සංශෝධන හඳුනාගෙන ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස පහත සඳහන් සංයුතියෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කරන ලදී.

    * නිමල් සිරිපාල ද සිල්වා - වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය

    * වෛද්‍ය රමේෂ් පතිරණ - වැවිලි කර්මාන්ත අමාත්‍ය සහ කර්මාන්ත අමාත්‍ය
    * රංජිත් සියඹලාපිටිය - මුදල් රාජ්‍ය අමාත්‍ය
    * දිලුම් අමුණුගම - ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය
    * ශෙහාන් සේමසිංහ - මුදල් රාජ්‍ය අමාත්‍ය