April, 30, 2025
සුවිශේෂී විදුලි රථවාහන එකතුවක් ළඟදීම ශ්‍රී ලංකාවට
වසර 160 කට අධික ඉතිහාසයක් සහිත ලොව ජනප්‍රියම රථවාහන සමාගමක් වන Changan Automobile සමාගම, Senok සමග ඇතිකරගත් හවුල්කාරීත්වයක් ඔස්සේ ශ්‍රී ලංකාවේ වෙළඳපොළට පිවිසීමට සූදානමින් සිටී. චීනයේ විශාලතම විදුලි රථවාහන නිෂ්පාදකයා මෙන්ම ‘Intelligent Mobility’ සම්බන්ධ පුරෝගාමියෙකු වන Changan Automobile සමාගම, පුළුල් පර්යේෂණ හා සංවර්ධන පහසුකම් සහිත සමාගමකි. මෙම හවුල්කාරීත්වය යටතේ නවීනතම තාක්ෂණයෙන් යුත් රථවාහන පෙළක් මෙරටට හඳුන්වා දීමට දෙපාර්ශ්වය සැලසුම් කර ඇත.
Senok යනු මෙරට පාරිභෝගිකයන් අතර ඉහළම පිළිගැනීමක් හිමි රථවාහන සමාගමකි. මෙම හවුල්කාරීත්වයේ පළමු පියවර ලෙස Deepal සන්නාමයෙන් යුත් රථවාහන මෙරට වෙළඳපොළට හඳුන්වා දීමට සැලසුම් කර තිබේ. Deepal යනු Changan සමාගමේ විදුලි වාහන සන්නාමයයි. මෙම හවුල්කාරීත්වය යටතේ ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම රථවාහන තොගය 2025 මැයි මාසයේදී මෙරටට ළඟා වීමට නියමිත අතර ඒ සඳහා පෙර-ඇණවුම් දැන් භාරගැනේ.
Changan සමාගමේ ස්වාධීන සන්නාමයක් වශයෙන් 2023 වසරේදී Deepal ආරම්භ කරන ලදි. එය Changan සමාගමේ නව බලශක්ති අංශය (New Energy Division) මගින් වසර ගණනාවක් පුරා දරන ලද පරිශ්‍රමයක ප්‍රතිඵලයකි. ‘Deep’ සහ ‘Pal’ යන වචන දෙකෙහි එකතුවක් ලෙස Deepal සන්නාමය නිර්මාණය වී ඇති අතර, එමගින් මිනිසුන්, තාක්ෂණය සහ ස්වභාවධර්මය අතර පවතින බැඳීම සංකේතවත් වේ. ‘Intelligent Companionship’ යන දර්ශනය මූලික කරගනිමින්, නූතන රියදුරන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන ඒවාට ප්‍රතිචාර දැක්වීමට හැකි වන ආකාරයට Deepal රථවාහන නිෂ්පාදනය කර තිබේ.
ශ්‍රී ලංකාවට මුලින්ම පැමිණෙන Deepal රථවාහන අතරට S07, L07, E07 සහ S05 යන මාදිලි සහ Compact කාණ්ඩයේ මාදිලියක් වන Lumin ඇතුළත් වී ඇත. පාරිභෝගිකයන්ගේ විවිධාකාර වූ රුචිකත්වයන්ට සහ අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයට නිෂ්පාදනය කර ඇති මෙම මාදිලි අතරට නාගරික ගමනාගමනයට වඩාත් සුදුසු මාදිලි මෙන්ම ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත මාදිලිද ඇතුළත් වී තිබේ. රු. මිලියන 6.9 සිට රු. මිලියන 30 දක්වා මිල පරාසයක විහිදී පවතින මෙම වාහන, විදුලි රථවාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයන්ට කදිම තෝරාගැනීමක් වනු ඇත.
තායිලන්තය සහ නේපාලය වැනි රටවල Deepal රථවාහන දැනටමත් විශාල සාර්ථකත්වයක් අත්කරගෙන තිබේ. තායිලන්තය තුළ පළමු වසරේදීම Deepal රථවාහන 10,000 කට වැඩි සංඛ්‍යාවක් අලෙවි විය. Deepal රථවාහනවල අලංකාර නිමාව සහ නවීන විශේෂාංග මෙන්ම, චීනය තුළ පර්යේෂණ හා සංවර්ධන කටයුතු වෙනුවෙන් වැඩිම ආයෝජන සිදුකරන රථවාහන සමාගමක් ලෙස Changan සතු පිළිගැනීම වැනි සාධක මෙම සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
“Changan සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, ශ්‍රී ලංකාව තිරසාර ගමනාගමනය වෙත මාරු වීමේ උත්සාහයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්වීමට පුළුවන්. Deepal යනු නව්‍ය, ක්‍රියාකාරීත්වය මත පදනම් වූ සහ පරිසර හිතකාමී ප්‍රවාහනයේ අනාගතය නියෝජනය කරන සන්නාමයක්. උසස් තත්වය හා සේවා විශිෂ්ටත්වය සම්බන්ධයෙන් දීර්ඝ කාලයක පටන් අප දක්වන උනන්දුවෙහි තවත් ඉදිරි පියවරක් වශයෙන් ශ්‍රී ලාංකිකයන්ට ජාත්‍යන්තර තලයේ විදුලි රථවාහන පෙළක් හඳුන්වා දීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා.” Senok සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ප්‍රනාන්දු මහතා පැවසීය.
Deepal රථවාහන සඳහා අවශ්‍ය යටිතල පහසුකම් මෙරට තුළ ස්ථාපිත කිරීමට Senok සමාගම දැනටමත් පියවර ගෙන ඇත. පූර්ණ පහසුකම් සහිත අලෙවියෙන් පසු සේවා ජාලයක්, නිසි පුහුණුව ලැබූ කාර්මික ශිල්පීන් කණ්ඩායමක් සහ නඩත්තු මධ්‍යස්ථාන ජාලයක් ඇතුළු පහසුකම් රැසක් ඊට ඇතුළත් වී තිබේ. ඉදිරියේදී Deepal වාහන හිමිකරුවන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා දිවයින පුරා රථවාහන ආරෝපණ පහසුකම් ජාලයක් ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇත.
දීර්ඝ කාලයක් පුරා ලොව ප්‍රමුඛතම රථවාහන සන්නාමවල මෙරට නියෝජිතයා ලෙස කටයුතු කරමින් පාරිභෝගිකයන්ගේ නොසැලෙන විශ්වාසය දිනාගත් Senok සමාගම, තමන්ට සුපුරුදු විශිෂ්ට සේවාව Deepal රථවාහන වෙනුවෙන්ද ලබාදීමට සූදානමින් සිටී. මෙය ශ්‍රී ලාංකික රියදුරන්ට රථවාහන කර්මාන්තයේ අනාගතය අත්විඳීමට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් වනු ඇත.
Changan සමාගමේ 2024 වසර අවසානයේදී වාර්තා වූ සංඛ්‍යාලේඛන අනුව, නව බලශක්ති වාහන [New Energy Vehicle (NEV)] අලෙවිය ඊට පෙර වසරට සාපේක්ෂව 52.8% කින් ඉහළ ගොස් තිබේ. නවතම වාර්තා අනුව මෙම ප්‍රවණතාව තවදුරටත් තහවුරු වී ඇති අතර, තිරසාර හා සුහුරු ප්‍රවාහන විසඳුම් සඳහා ජනතාව අතර පවතින ඉල්ලුම ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව මින් පෙනී යයි. ශ්‍රී ලංකාව තුළ එම ඉල්ලුම සපුරාලීම සඳහා Changan සහ Senok සූදානමින් සිටී.
Video Story