June, 6, 2025
ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික වෛද්‍ය නිලුපුල් පෙරේරා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ.
ඒ අනුව ඒ මහතා ඊයේ (05) දින සිට බලපැවැත්වෙන පරිදි ලංකා හොස්පිටලස් කෝපරේෂන් පීඑල්සී හි සභාපති, විධායක නොවන ස්වාධීන නොවන අධ්‍යක්ෂ ධුරවලින් ඉල්ලා අස්වන බවට දැනුම් දී ඇත.
2024 දෙසැම්බර් 05 දින වෛද්‍ය නිලුපුල් පෙරේරා අදාළ තනතුරුවල වැඩභාර ගෙන තිබෙන අතර ඒ අනුව මාස 06ක කාලයකට පසු ඔහු ඉන් ඉවත් වීමට තීරණය කර තිබේ.
Video Story