ලංගමට එංජින් ඔයිල් Lanka IOC සහ Chevron Lubricants වෙතින්

    December, 12, 2023

    ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා තෙල් සහ ලිහිසි තෙල් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය සඳහා ජාතික තරඟකාරී ලංසු කැඳවා ඇත.

    අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එක් එක් අයිතමය සත පදනම්ව Lanka IOC PLC සහ Chevron Lubricants Lanka PLC වෙතින් අදාළ තෙල් සහ ලිහිසි තෙල් මිල දී ගැනීම නිර්දේශ කර ඇත.

    ඒ අනුව, එම සමාගම් දෙක වෙත අදාළ ප්‍රසම්පාදනයන් පිරිනැමීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.