ලිට්‍රෝ ගෑස් මිල අඩුකෙරේ

    April, 4, 2023

    ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ.

    ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රු. 1005කින් අඩු කර ඇති අතර කිලෝ ග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක්  රු. 402කින් සහ කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක් රු. 183කින් මිල අඩුකිරීමට එම සමාගම තීරණය කර තිබේ.

    ලෝක වෙළදපොල ගෑස් මිල පහල යාම, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීම සහ ලිට්‍රෝ ගෑස් ආයතනය විසින් මුදල් අමාත්‍යාංශයේ අනුමැතියන්ට අනුව හඳුන්වා දුන් මිල සූත්‍රයට අනුව කටයුතු කිරීම  යන කාරනා මෙලෙස ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට බපලපෑ බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසන්නේ.

    ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රු 3,738ක් වේ.

    කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් නව මිල රු 1,502ක් වේ.

    කිලෝ ග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරය රු 700 දක්වා මිල වෙනස් වී තිබේ.