ලොව වඩාත් ඉහළ සංචාරක ආකර්ෂණයක් දිනූ නගරය ලෙස සීගිරිය නම් කරයි

    February, 10, 2025

    Booking.com විසින් 2025 වසර සඳහා ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ නගරය ලෙස ශ්‍රී ලංකාවේ සීගිරිය නම් කර ඇත.

    මෙම නම් කිරීම සිදු කර ඇත්තේ මිලියන 360 කට අධික සංචාරක ප්‍රතිචාර මත පදනම්වයි.

    Booking.com විසින් වාර්ෂිකව පිරිනමනු ලබන "Traveller Review Awards" ට සමගාමීව 2025 වසර සඳහා වන ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ නගර 10 මෙලෙස එළිදක්වා අතර, සංචාරකයින්ට මෙම අද්විතීය ගමනාන්තවල චමත්කාරය සම්පූර්ණයෙන්ම විඳ ගැනීමට උපකාරී වන උපදෙස් සහ නිර්දේශ ඉදිරිපත් කිරීම ද ඔවුන් විසින් සිදු කරයි.

    ඒ අනුව 2025 වසර සඳහා වන ලොව වඩාත් පිළිගැනීමට ලක්වූ නගර 10 වනුයේ,

    1. Sigiriya, Sri Lanka
    2. Cazorla, Spain
    3. Urubici, Brazil
    4. Taupo, New Zealand
    5. St. Augustine, United States
    6. Orvieto, Italy
    7. Manizales, Colombia
    8. Quedlinburg, Germany
    9. Ko Lanta, Thailand
    10. Chester, United Kingdom