ලෝකයේ හොඳම ගුවන්තොටුපළ සිංගපූරුවෙන් – ආසියාවෙන් ලංකාවටත් තැනක්

    March, 25, 2016

    ගුවන් මගීන්ගේ සමීක්ෂණයක් අනුව ලෝක ගුවන්තොටුපළ වර්ගීකරණ ලැයිස්තුවක් නිකුත් කිරීමට Sleeping in Airports වෙබ් අඩවිය පියවර ගෙන තිබේ. වාර්ෂිකව සිදුකරන මෙම සමීක්ෂණය හුදෙක් අන්තර්ජාලය පදනම් කර ගත් එකක් පමණක් වේ. මෙහි ඇති විශේෂත්වය නම් ලොව පුරා ගුවන්තොටුපළ ආවරණය වන පරිදි සමීක්ෂණය සිදුකර තිබීමයි. 2015 වසර තුළ දී සිදුකරන ලද සමීක්ෂණයෙහි ප්‍රතිඵල අනුව මෙම වර්ගීකරණය සිදුකර ඇත.

    මේ වන විට 2016 වසර සඳහා ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව ලැබී තිබෙන අතර http://www.surveygizmo.com/s3/2439704/2016-Best-Worst-Airports වෙබ් පිටුව හරහා ඊට එක්විය හැකිය.

    මෙම වර්ගීකරණය අනුව ලොව හොඳම ගුවන්තොටුපළ ලෙසින් නම්කර ඇත්තේ සිංගපූරුවේ චැංගි ජාත්‍යන්තර ගුවන්තොටුපළයි. වර්ගීකරණය අනුව නම්කර ඇති ලොව හොඳම ගුවන්තොටුපළ 30 පහත පරිදි වේ.
    1. Singapore Changi International Airport, Singapore (SIN)
    2. Seoul Incheon International Airport, South Korea (ICN)
    3. Tokyo Haneda International Airport, Japan (HND)
    4. Taipei Taoyuan International Airport, Taiwan (TPE)
    5. Hong Kong International Airport, Hong Kong (HKG)
    6. Munich International Airport, Germany (MUC)
    7. Helsinki International Airport, Finland (HEL)
    8. Vancouver International Airport, Canada (YVR)
    9. Kuala Lumpur International Airport, Malaysia (KUL)
    10. Zurich Kloten International Airport, Switzerland (ZRH)
    11. Porto Francisco Sá Carneiro Airport, Portugal (OPO)
    12. Tallinn International Airport, Estonia (TLL)
    13. Tampa International Airport, USA (TPA)
    14. Portland International Airport, USA (PDX)
    15. Minneapolis – St. Paul International Airport, USA (MSP)
    16. Wellington International Airport, New Zealand (WLG)
    17. Osaka Kansai International Airport, Japan (KIX)
    18. New Delhi Indira Gandhi International Airport, India (DEL)
    19. Hyderabad Rajiv Gandhi International Airport, India (HYD)
    20. Amsterdam Schiphol International Airport, Netherlands (AMS)
    21. Mumbai Chhatrapati Shivaji International Airport, India (BOM)
    22. Athens Eleftherios Venizelos International Airport, Greece (ATH)
    23. Dubai International Airport, United Arab Emirates (DXB)
    24. Stockholm Arlanda International Airport, Sweden (ARN)
    25. Vienna International Airport, Austria (VIE)
    26. Cape Town International Airport, South Africa (CPT)
    27. Doha Hamad International Airport, Qatar (DOH)
    28. San Francisco International Airport, USA (SFO)
    29. Adelaide International Airport, Australia (ADL)
    30. Auckland International Airport, New Zealand (AKL)

    වර්ගීකරණය අනුව ලොව නරකම ගුවන්තොටුපළ 10 පහත පරිදි වේ. එහි පළමු ස්ථානයට නයිජීරියාවේ පෝට් හාර්කෝට් ජාත්‍යන්තර ගුවන්තොටුපළ පත්ව තිබේ.
    1. Port Harcourt International Airport, Nigeria (PHC)
    2. Jeddah King Abdulaziz International Airport, Saudi Arabia (JED) -
    3. Kathmandu Tribhuvan International Airport, Nepal (KTM
    4. Tashkent International Airport, Uzbekistan (TAS)
    5. Caracas Simón Bolívar International Airport, Venezuela (CCS)
    6. Port au Prince Toussaint Louverture International Airport, Haiti (PAP
    7. Kabul Hamid Karzai International Airport, Afghanistan (KBL)
    8. Ho Chi Minh City Tân Sơn Nhất International Airport, Vietnam (SGN
    9. Islamabad Benazir Bhutto International Airport, Pakistan (ISB)
    10. Paris Beauvais-Tille International Airport outside Paris, France (BVA)

    පහත දැක්වෙන්නේ ආසියාවේ නරකම ගුවන්තොටුපළ වර්ගකරණයයි. එහි 10 වන ස්ථානයට ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පත්ව තිබේ. ප්‍රතිචාරකයින්ගේ අදහස් අනුව පිරිසිදුභාවය, ආගමන නිලධාරීන් ළඟ දිගු පෝලිම් දක්නට ලැබීම නිසා විශාල කාලයක් ගතවීම යනාදිය මෙහිදී නිෂේධනාත්මක කරුණු ලෙසින් ඉදිරිපත්ව තිබෙන අතර ගුවන්තොටුපළ තුළදීම සිම්කාඩ් පත් ලබාගැනීමට හැකිවීම, පහසුවෙන් ස්ථාන සොයා ගත හැකිවීම ඇතුලු තවත් කරුණු කිහිපයක් නිසා වෙනත් කුඩා ගුවන්තොටුපළවලට වඩා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් මගීන්ගේ ධනාත්මක ඇගයීමට ලක්ව තිබේ.
    1. Kathmandu Tribhuvan International Airport, Nepal (KTM)
    2. Tashkent International Airport, Uzbekistan (TAS)
    3. Kabul Hamid Karzai International Airport, Afghanistan (KBL)
    4. Ho Chi Minh City Tân Sơn Nhất International Airport, Vietnam (SGN)
    5. Islamabad Benazir Bhutto International Airport, Pakistan (ISB)
    6. Guangzhou Baiyun International Airport, China (CAN)
    7. Chennai (Madras) International Airport, India (MAA)
    8. Manila Ninoy Aquino International Airport, Philippines (MNL)
    9. Dhaka Shahjalal International Airport, Bangladesh (DAC)
    10. Colombo Bandaranaike International Airport, Sri Lanka (CMB)

    සමීක්ෂණය තුළින් කාණ්ඩ කිහිපයක් යටතේ ලොව පුරා තිබෙන ගුවන්තොටුපළ වර්ගීකරණය කිරීමට කටයුතු කර තිබෙන අතර ඒ සඳහා තෝරා ගෙන ඇති කාණ්ඩ පහත පරිදි වේ.
    • ලොව හොඳම/නරකම ගුවන්තොටුපළ
    • ලොව නිදා ගැනීමට හොඳම/නරකම ගුවන්තොටුපළ
    • අප්‍රිකාවේ හොඳම/නරකම ගුවන්තොටුපළ
    • ආසියාවේ හොඳම/නරකම ගුවන්තොටුපළ
    • කැරිබියානු කලාපයේ හා මධ්‍යම ඇමරිකාවේ හොඳම/නරකම ගුවන්තොටුපළ
    • යුරෝපයේ හොඳම/නරකම ගුවන්තොටුපළ
    • මැදපෙරදිග හොඳම/නරකම ගුවන්තොටුපළ
    • උතුරු ඇමරිකාවේ හොඳම/නරකම ගුවන්තොටුපළ
    • දකුණු ඇමරිකාවේ හොඳම/නරකම ගුවන්තොටුපළ
    • දකුණු ශාන්තිකර කලාපයේ හොඳම/නරකම ගුවන්තොටුපළ