ලෝක සංඥා භාෂා දිනය වෙනුවෙන් මැලිබන් විකාශනය කළ මෙරට ප‍්‍රථම සංඥා භාෂා රූපවාහිනී වෙළෙද දැන්වීමට ඉහළ ප‍්‍රතිචාර

    January, 18, 2021

    ශ‍්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සන්නාමයක් වන මැලිබන් තවත් පුරෝගාමී පියවරක් තබමින්, 2020 සැප්තැම්බර් 23 වන දින ලෝක සංඥා භාෂා දිනය නිමිත්තෙන් මෙරට ප‍්‍රථම සංඥා භාෂා රූපවාහිනී වෙළෙඳ දැන්වීම විකාශනය කරන්නට කටයුතු කළේය. ලෝක සංඥා භාෂා දිනය පිළිබඳව දැනුවත්බව ඇති කරවන අතරම සමාජයට මගහැරුණු මේ විශේෂ අවශ්‍යතා ඇති පිරිස පිළිබඳව සමාජයේ අවධානය යොමු කරවීම මෙම රූපවාහිනී වෙළඳ දැන්වීම නිර්මාණය කිරීමේ මූලික අරමුණු විය. ලෝක සංඥා භාෂා දිනයේදී විකාශනය ආරම්භ කෙරුණු මෙම සුවිශේෂී රූපවාහිනි දැන්වීම සීමිත කාලයක් සඳහා විකාශය විය.