වාහන ආනයන සීමා නිසා මෙරට ඒකලස් කරන SUV රථ සඳහා වැඩි උනන්දුවක්. KUV 100 හා DFSK ලියාපදිංචිය ඉහළට

    June, 11, 2021

    2021 අප්‍රේල් මාසයේ දී මෙරට අලුතින් ලියාපදිංචි කර ඇති මුලු වාහන සංඛ්‍යාව 2,418 ක් බව J B Securities ආයතනය විසින් සකස් කරනු ලබන නවතම මාසික ‌මෝටර් රථ ලියාපදිංචිය පිළිබඳ විශ්ලේෂණාත්මක වාර්තාවහෙි සඳහන් වේ. කෙසේ වෙතත් මෙම අගය 2021 මාර්තු මාසයේ දී ඒකක 3,556 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    මෙහිදී වඩාත් අවධානයට යොමුවන කරුණ නම් දේශීය වශයෙන් ඒකලස් කරනු ලබන ‌මෝටර් රථ ලියාපදිංචිය වර්ධනය වී තිබීමයි. රජය විසින් පසුගිය 2020 වසරේ සිට පනවා තිබෙන වාහන ආනයන සීමා ‌හේතුවෙන් මෙලෙස දේශීය වශයෙන් ඒකලස් කෙරෙන වාහන සඳහා ජනතාවගේ උනන්දුව වැඩි වී තිබේ.

    මෙම වාර්තාවට අනුව අයිඩියල් මෝටර්ස් සමාගම විසින් මෙරට දී ඒකලස් කරනු ලබන Mahindra KUV 100 SUV රථ 102 ක් පසුගිය අප්‍රේල් මාසයේ දී අලුතින් ලියාපදිංචි කර ඇත. මෙය මාර්තු මාසයේ දී ලියාපදිංචි කර තිබූ 79 ක් වූ KUV 100 SUV රථ ප්‍රමාණයට වඩා 29%ක ඉහළ යාමකි.

    මේ අතර යුනයිටඩ් මෝටර්ස් සමාගම විසින් මෙරට දී ඒකලස් කරනු ලබන DFSK රථ 138 ක් අප්‍රේල් මාසයේ දී අලුතෙන් ලියාපදිංචි කර ඇති අතර මාර්තු මාසයේ දී ඒම ප්‍රමාණය සටහන් වූයේ 78 ක් වශයෙනි. මේ අනුව 77%ක වර්ධනයක් ඒයින් වාර්තා වේ. තවද යුනයිටඩ් මෝටර්ස් විසින් ඒකලස් කරනු ලබන Zotye Z100 මෝටර් රථ 25 ක් ද පසුගිය අප්‍රේල් මාසයේ දී අලුතින් ලියාපදිංචි කර තිබේ.