April, 9, 2021
ඊයේ (08) විවෘත කරන ලද ලංකා විදුලිබල මණ්ඩලයේ ණයකර නිකුතුව සඳහා අධි දායකත්වයක් පැවති බව එම නිකුතුවේ රෙජිස්ට්‍රාර් සමාගම වන SSP කෝපරේට් සර්විසස් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.
එකක් රු. 100 බැගින් වූ ණයකර මිලියන 100 ක් දායකත්වය සඳහා ආරම්භක අදියරේ දී ඉදිරිපත් කෙරුණු අතර අධි දායකත්වයක් ලැබුණහොත් තවත් ණයකර මිලියන 100 ක් නිකුත් කිරීමට මෙහිදී සැලසුම් කර තිබුණි.
මේ සඳහා රු. බිලියන 20ක් ඉක්මවූ අයදුම්පත් ප්‍රමාණයක් ලැබී ඇති බවත් ඒ අනුව ඊයේ (08) පස්වරු 4.30 ට නිකුතුව වසා දැමූ බවත් අදාළ රෙජිස්ට්‍රාර් සමාගම නිකුත් කළ දැනුම් දීමේ වැඩිදුරටත් සඳහන් වේ.
එකක් රු. 100 බැගින් වන පරිදි ජ්‍යෙෂ්ඨ, අනාරක්ෂිත, ලැයිස්තුගත, නිදහස් කළ හැකි, ශ්‍රේණිගත ණයකර මිලියන 200ක් මේ අනුව නිකුත් කිරීමට නියමිතය.
Fitch Ratings Lanka Limited විසින් නිකුත් කරන ලද AA-(lka) ශ්‍රේණිය මෙම ණයකර නිකුතුවට ලැබී ඇති අතර එම ආයතනය විසින්ම නිකුත් කරන ලද AA-(lka) with a Stable Outlook ශ්‍රේණිය ලංකා විදුලිබල මණ්ඩලයට හිමිව ඇත.
Video Story