විදුලිබල මණ්ඩලයට වෙච්ච දෙයක්. මාස 03 ක පාඩුව කෝටි 4,400 යි

    November, 16, 2022

    ලංකා විදුලිබල මණ්ඩලය පසුගිය සැප්තැම්බර් 30 න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී රු. බිලියන 44.31 ක හෙවත් රු. කෝටි 4,431 ක දැවැන්ත අලාභයක් ලබා ඇති බව වාර්තා වේ.

    2022 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව සඳහා වන මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිඵල ඊයේ (15) දින නිකුත් කර තිබුණි.

    මෙම මූල්‍ය ප්‍රකාශනයට අනුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2022 ජූලි - සැප්තැම්බර් කාර්තුව සඳහා වාර්තා කර ඇති රු. බිලියන 44.31 ක අලාභය, පසුගිය 2021 අදාළ කාර්තුවෙහි අලාභ අගය වූ රු. මිලියන 545 හා සැසඳීමේ දී 8,0239.7% ක වැඩිවීමක් වේ.

    මේ අනුව 2022 වසරේ මුල් මාස 09 තුළ දී මණ්ඩලයේ සමස්ත අලාභය රු. බිලියන 115.79 ක් ලෙසින් දැක්වේ.

    විදුලිබල මණ්ඩලයෙහි 2021 වසරේ අලාභය රු. බිලියන 21.45 ක්වූ අතර 2020 වසරේ දී එම අගය වාර්තා වූයේ රු. බිලියන 60.48 ක් ලෙසයි.

    විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කර ඇති මිලියන 200 ක ණයකර ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති බැවින් සෑම කාර්තුවක දීම මණ්ඩලයේ මූල්‍ය වාර්තා කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කළ යුතු වේ.

    2022 සැප්තැම්බර් 30 ක් අවසන් කාර්තුව සඳහා මණ්ඩලයේ ලාභ අලාභ ප්‍රකාශනය පහතින් දැක්වේ.