විදේශ අධ්‍යාපන සිහින හඹා යන සිසුන් සවිබල ගැන්වීම සඳහා NDB බැංකුව ABEC සමඟ හවුල්වේ

    July, 7, 2025

    NDB බැංකුව පසුගිය දා ප්‍රමුඛ පෙලේ විදේශීය උපදේශන ආයතනයක් වන ABEC (ඕස්ට්‍රේලියනු ව්‍යාපාරික අධ්‍යාපන මධ්‍යස්ථානය), සමඟ ගිවිසුමකට එලැඹෙන ලදී. මෙහි මූලික අරමුණ වන්නේ, ශ්‍රී ලාංකීක සිසු සිසුවියන් හට ගෝලීය අධ්‍යාපන අවස්ථාව සැලසීම වෙනුවෙන් පහසුකම් සැලසීමයි.

    නිල ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවය ආයතන දෙකෙහිම ජ්‍යෙෂ්ඨ කළමණාකාරිත්වයේ සහභාගීත්වයෙන් පැවැත්විණි. NDB බැංකුව නියෝජනය කරමින් පුද්ගලික බැංකුකරණය සහ පාරිභෝගික සබඳතා පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපති සංජය පෙරේරා මහතා සහ පුද්ගලික බැංකුකරණය පිළිබඳ උප සභාපති සියාන් හෙමිඞ් මහතා සහභාගී වූ අතර ABEC ආයතනය නියෝජනය කරමින් එහි කළමනාකාර අධ්‍යක්ෂ H J M දිලිප් කුමාර මහතා සහ විධායක අධ්‍යක්ෂ N S අමරසිංහ මහතා සම්බන්ධ වීය.

    මෙම හවුල්කාරිත්වය NDB බැංකුවේ ඇති නූතන සහ පහසු බැංකුකරණ විසඳුම් සහ අධ්‍යාපන උපදේශනය සහ විදේශීය අධ්‍යාපනය පිළිබඳ ABEC ආයතනයේ ඇති ජාත්‍යන්තර තලයේ විශේෂඥතාව මුසුව සිසු සිසුවියන් සඳහා වෘත්තීය මට්ටමේ සේවාවක් සලසයි. පහසු මිල ගණන් යටතේ, ගෝලීය වශයෙන් පිළිගත් උසස් අධ්‍යාපනයක් සඳහා දහස් ගණනක් සිසුන් සඳහා විදේශ අධ්‍යාපන සිහිනි සැබෑ කළ ABEC ආයතනය විශ්ව විද්‍යාලයක් සහ පාඨමාලාවක් තෝරා ගැනීමේ සිට වීසා අයදුම් කිරීම සහ රටින් පිටවීමට පෙර මෙරට සිට කරනු ලබන සියලුම සේවාවන් දක්වා සමස්ත ක‍්‍රියාවලිය හරහා අයදුම්කරුවන්ට සහය වේ.

    මෙම සහයෝගීතාවය හරහා, NDB බැංකුව සිසු සිසුවියන් සහ ඔවුන්ගේ පවුල් සඳහා විදේශ අධ්‍යාපන වියදම් වල පීඩනය අවම කිරීම සඳහා නිර්මාණය කර ඇති අධ්‍යාපන ණය යෝජනා ක‍්‍රම, විදේශ විනිමය සේවා සහ උපදේශන සහය ඇතුළු විශේෂිත මූල්‍ය සේවාවන් පිරිනමනු ඇත. මෙලෙස විදේශ අධ්‍යාපනය සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් සලසමින් ශ‍්‍රී ලාංකිකයින්ට ඔවුන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට සහය වීමේ බැංකුවේ මෙහෙවර සමඟ සමපාත වේ.

    මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් සංජය පෙරේරා මහතා මෙසේ පැවසීය, ‘‘NDB බැංකුවේ අපි අධ්‍යාපනයේ ඇති පරිවර්තනීය බලය විශ්වාස කරමු. ABEC ආයතනය සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය විදේශයන්හි අධ්‍යාපනය ලැබීමට සිහින දකින සිසුන් සඳහා මූල්‍ය පහසුකම් හා තොරතුරු ලබා ගැනීමට තිබූ බාධාවන් මැඩලීමට අපට ඉඩ සලසයි. අපේ බැංකුවේ මූල්‍ය ශක්තිය ABEC ආයතනයේ පුළුල් උපදේශන අත්දැකීම් සමඟ ඒකාබද්ධ කිරීමෙන්, අපි අනාගත පරම්පරාව සවිබලගන්වන අතර විදේශ අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවන් බාධාවකින් තොරව සිදු කරගැනීමට සහය වෙනවා.’’

    NDB බැංකුව තම ගනුදෙනුකරුවන්ට වඩාත් ප‍්‍රායෝගිකව ජීවිතය වැඩිදියුණු කරන ප‍්‍රතිලාභ ලබා දෙන උපායමාර්ගික හවුල්කාරීත්වයන් ගොඩනඟා ගැනීම සඳහා කැපවී සිටී. මෙම හවුල්කාරිත්වය සමඟින්, විශ්වාසයෙන් හා පහසුවෙන් විදේශීය අධ්‍යාපන මාර්ග ගවේෂණය කිරීම සඳහා ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන්ට බලය ලබා දීමේ අරමුණෙහි බැංකුව අඛණ්ඩව නිරත වී සිටියි.

    NDB බැංකුව ශ්‍රී ලංකාවේ හතරවන විශාලතම ලැයිස්තුගත වාණිජ බැංකුවයි. 2024 වසරේ විශිෂ්ටත්වය සඳහා වූ Euromoney සම්මාන උළෙලේදී NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික බැංකුව ලෙස නම් කරන ලද අතර Asian Banking and Finance Magazine (සිංගප්පූරුව) 2024 සම්මාන උළෙලේදී ශ්‍රී  ලංකාවේ හොඳම දේශීය පෞද්ගලික බැංකුකරණ බැංකුව ලෙස සහ ශ්‍රී  ලංකාවේ  වසරේ දේශීය ව්‍යාපෘති මූල්‍යකරණ බැංකුව  ලෙස ද NDB සම්මානයට පාත්‍ර විය. NDB බැංකුව යනු ප්‍රාග්ධන වෙළඳපොල අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම වන අතර, අද්විතීය බැංකු සහ ප්‍රාග්ධන වෙළඳපල සේවා සමූහයකින් සමන්විත වේ. ඩිජිටල් බැංකු විසඳුම් මගින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට NDB බැංකුව නිබඳවම කැපවී සිටී.