May, 30, 2022
කොළඹ සිටින ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය වන චියෝ කන්ඩා මහත්මිය 2022 මැයි 27 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමුවිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, අනෙකුත් ජාත්‍යන්තර ආයතන සහ පරිත්‍යාගශීලී රටවල් පිරිනමන දීර්ඝ කාලීන ආධාර ලැබෙන තෙක් ලෝක බැංකුවේ සහය මෙරටට ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේ ය. ඉදිරි අයවැය ප්‍රකාශයට පත් කිරීමේ දී අයවැය හිඟය අවම කරගැනීම හේතුවෙන් මතුවන අභියෝගවල බරපතලකම පිළිබඳව ද එතුමා අවධාරණය කළේ ය. තිරසාර විසඳුම් ලැබෙන තෙක් ලෝක බැංකුව ලබා දෙන කෙටි කාලීන මූල්‍ය ආධාර ශ්‍රී ලංකාව අගය කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.
තම කාර්යාලය ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි අනෙකුත් සංවිධාන සමඟ ද කටයුතු කරන බවත්, ඔවුන් මේ වන විට ක්‍රියාත්මක කරන ව්‍යාපෘති 'ප්‍රතිව්‍යුහගත' කරන ලෙස ඉල්ලමින් මෙම දුෂ්කර අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ජනතාවට උපකාර කිරීම සඳහා ඔවුන් දිරිමත් කරන බවත් ලෝක බැංකුවේ මෙරට කළමනාකාරවරිය ප්‍රකාශ කළා ය. ඉදිරි මාස කිහිපය තුළ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700 ක පමණ මුදලක් ලබා දෙන බවද එතුමිය ප්‍රකාශ කළා ය.
Video Story