විශිෂ්ටතම ඊ -වාණිජ්‍යය හා තාක්ෂණික නායකයන් එක්වන Daraz දකුණු ආසියානු ඊ- වාණිජ්‍යය සමුළුව කොළඹ දී

    September, 14, 2023

    ක්ෂේත්‍රවල නායකයින්, නවෝත්පාදකයින් සහ ව්‍යවසායකයින් සඳහා ඵලදායි වේදිකාවක් වන දකුණු ආසියානු ඊ-වාණිජ්‍ය සමුළුව මඟින් ඊ-වාණිජ්‍යය සහ තාක්‍ෂණික ක්ෂේත්‍රවල දැවැන්තයින් එක් කිරීමට සූදානම් වේ. තාක්‍ෂණය, නවෝත්පාදනය සහ ඊ-වාණිජ්‍යයේ කාන්තාවන් කෙරෙහි විශේෂ අවධානයක් මෙම සමුළුවෙන් යොමු කරන අතර මෙය ඩිජිටල් ආර්ථිකයේ අනාගතය හැඩගැස්වීමේ ප්‍රවණතා ගවේෂණය කරන  ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඊ-වාණිජ්‍යය සමුළුව වනු ඇත. දකුණු ආසියාවේ ඊ-වාණිජ්‍යය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Daraz Group විසින් සංවිධානය කරනු ලබන මෙම සමුළුව සැප්තැම්බර් 26 සහ 27 යන දිනවල කොළඹදී පැවැත්වේ.

    මෙම සමුළුවේදී Absolute, ADA Asia, Aditya Birla Fashion and Retail Limited, BigPay, Careem, Clovia, Copia, E-commerce Association of Bangladesh, foodpanda, Grameenphone, Google, Leo Capital, MakanE, Malaysia Digital Economy Corporation, mCaffeine, PeakXV Partners, SBK Tech Ventures, SheCapital, the World Bank, UberEats, Unilever සහ Unisoap වෙතින් ආකර්ෂණීය දේශන සඳහා කථිකයන් ඉදිරිපත් කරනු ඇත.

    දින 2ක් පුරා පැවැත්වෙන මෙම සමුළුව 2023 සැප්තැම්බර් 26 වැනිදා තාක්ෂණ හා නවෝත්පාදන සංසදය සමඟින් ආරම්භ වේ. සහභාගිවන්නන්ට ඊ-වාණිජ්‍යය අනුමත කර ගැනීම වේගවත් කිරීමේ සිට ෆින්ටෙක් නවෝත්පාදනය දක්වා මාතෘකා පරාසයක් පිළිබඳ දැනුම ලබාගැනීමට හැකිවනු ඇත. ආරාධිත කථිකයන් හා ඉදිරිපත් කරන්නන් ශීඝ්‍රයෙන් විකාශනය වෙන ඊ- වාණිජ්‍යය පිළිබඳ ඔවුන්ගේ ඉදිරි දැක්ම සම්බන්ධයෙන් අදහස් දක්වයි.  ඊ-වාණිජ්‍යය සඳහා අරමුදල් සපයන ප්‍රමාණය සහ විකාශන අවශ්‍යතාවය සමඟ ඒකාබද්ධ වන බාධාවකින් තොර ඊ-වාණිජ්‍යය අත්දැකීමක් විවෘත කිරීමේ රහස් ද සාකච්ඡා කරනු ඇත.

    ඊ-වාණිජ්‍යය තුළ කාන්තාවන්ට ඇති බොහෝ අවස්ථාවන් අවධාරණය කිරීම සඳහා, දකුණු ආසියාවේ කාන්තා ඊ-වාණිජ්‍ය සමුළුව දෙවන දිනය වන 2023 සැප්තැම්බර් 27 වන දින පැවැත්වේ. එය කාන්තා දියුණුව හා සවිබල ගැන්වීමට ව්‍යවසායකයින්, වෙනස් කරන්නන් සහ නායකයින් සඳහා ක්‍රම ගවේෂණය කිරීම වෙනුවෙන් කැපවූ අවස්ථාවකි. ඊ-වාණිජ්‍යය සහ තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන සංවිධානවල නිර්මාතෘවරුන් සහ නායකයින්ගේ අරමුණු මත පදනම් වූ නායකත්වයේ බලය සහ සියලු අවාසිවලට එරෙහිව ආරම්භයක් තීරණය කරන්නේ කෙසේද යන්න ඇතුළු විවිධ මාතෘකා ගණනාවක් සාකච්ඡා කිරීමට මෙහිදී සියලුදෙනා එක්වනු ඇත. සම්මන්ත්‍රණය ලොව පුරා සිටින කැපී පෙනෙන කාන්තා නායිකාවන් සහ   සම්බන්ධ වන්නන්ගේ දැනුම ප්‍රදර්ශනය කෙරෙන අතර සහභාගිවන්නන් සඳහා විශේෂිත වැඩමුළු සහ උපදේශන සැසි මාලාවක් පැවැත්වීමට නියමිතයි.

    මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින්, Darazහි සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී රඛීල් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. “Daraz Group විසින් 2022 දී පවත්වනු ලැබූ පළමු ඊ-වාණිජ්‍යය සමුළුව අනුගමනය කරමින් 2023 දකුණු ආසියානු ඊ - වාණිජ්‍යය සමුළුවත් අනාගතය යළි නිර්වචනය කර හැඩගස්වන අදහස්, නවෝත්පාදන සහ ක්‍රියාවලිය වෙනස් කරන අදහස් සඳහා විවෘත කරමින් සාර්ථක අදියරක් ලෙස සකසා තිබෙනවා. මෙම සුවිශේෂී ජයග්‍රහණය, අපගේ සමූහය සඳහා තවත් පුරෝගාමී සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර වාණිජ බලය තුළින් ප්‍රජාවන් නඟා සිටුවීම Darazහි අරමුණයි. මෙම සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට හැකිවීම ගැන අපි සතුටට පත්වෙනවා. දින දෙකක් තුළදී ලෝක මට්ටමේ අවස්ථාවක ඉගෙනීම් අප මෙයින් අපේක්ෂා කරනවා”

    කොළඹ ෂැංග්‍රිලා හෝටලය ඊ-වාණිජ්‍ය සමුළුවේ ආගන්තුක සත්කාර සහ ස්ථාන සහකරු වන අතර ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් උත්සවයේ නිල ගුවන් සේවා හවුල්කරු වේ. උත්සවය සඳහා මාධ්‍ය දායකත්වය Daily FT සහ Newswire වෙතිනි.

    මෙම අවස්ථාවට දකුණු ආසියාව පුරා සිටින සහභාගීවන්නන් හා ආරාධිතයන් 300කට සත්කාරකත්වය සපයනු ලැබේ. සමුළුවේ දින දෙකම සජීවීව විකාශනය වන අතර Virtual සහභාගීවන්නන් සඳහා විවෘත වේ.

    මේ සඳහා ලියාපදිංචි වීම පැමිණීමේ පදනම මත සිදු වේ. සමුළුවේ අනෙකුත් විස්තර සහ ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය ගැන දැනගන්න www.darazsummit.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.