ශ්‍රීලංකන් ගුවන්සේවයෙන් හදිසි නිවේදනයක්

    May, 17, 2018

    ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරී සංගමය විසින් ආරම්භ කර තිබෙන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන්, සිදුවිය හැකි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා ගුවන් ගමන් ආරම්භයට පැය 3 කට පෙර ගුවන් තොටුපොළට පැමිණෙන ලෙස ශ්‍රීලංකන් ගුවන්සේවය සිය මගීන් වෙත දක්වා සිටී.

    අද (මැයි 17) දහවල් 12.00 සිට නැවත දැනුම් දෙනතුරු මෙම නිවේදනය බලපැවැත්වෙන බව ශ්‍රීලංකන් ගුවන්සේවය වැඩිදුරටත් සඳහන්නි කරයි.