ශ්‍රීලංකන් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට පැමිණි චීන සංචාරක කණ්ඩායම සාදරයෙන් පිළිගනියි

    March, 2, 2023

    කොවිඩ් වසංගතයෙන් පසුව චීන බලධාරීන් විසින් පිටතට යන ගමන් සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව චීනයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු සංචාරකයින් කණ්ඩායම ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් පිළිගනු ලැබීය.

    සංචාරකයින් 120 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම ඊයේ රාත්‍රියේ (1)  UL1881  දරණ ශ්‍රීලංකන් ගුවන් යානයෙන් චීනයේ ගුවැන්ශූ සිට දිවයිනට ලඟාවූ අතර ඔවුන් දින අටක සංචාරයක් ශ්‍රී ලංකාව තුළ සැලසුම් කර තිබේ.