ශ්‍රී ලංකාවට අත දීමට ඉන්දියාව – ජපානය එකට එක්වෙයි

    May, 27, 2022

    අර්බුදයට පත්ව සිටින ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟ වී ඇති බව ජපාන රජය පවසයි. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ජපාන අගමැකි ෆුමියෝ කිෂිඩා අතර පසුගියදා ටෝකියෝ නුවර පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව ප්‍රකාශ කර තිබේ.

    ඉන්දීය - ජපාන අග්‍රාමාත්‍යවරු පසුගිය මැයි මැයි 24 දින Quad සමුළුවට එක්වීමෙන් අනතුරුව බලශක්ති, ආයෝජන හා ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශවයීය සාකච්ඡා පවත්වා තිබේ.

    මෙම හමුවෙන් පසු ඔවුන් ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ බවත් වත්මන් ආර්ථික අර්බුදය සහ රටේ මානුෂීය තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් තහවුරු කළ බව ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටී.