ශ්‍රී ලංකාවේ කොමර්ෂල් ක්‍රෙඩිට් ගැන තායිලන්තයේ Group Lease උනන්දු වෙයි

    October, 4, 2016

    තායිලන්තයේ ලැයිස්තුගත කල්බදු සමාගමක් වන Group Lease Plc හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිය අනුබද්ධ සමාගමක් වන Group Lease Holding හරහා ශ්‍රී ලංකාවේ සහ මියන්මාරයේ මූල්‍ය සමාගම් ද්විත්වයක කොටස් ආයෝජනය සඳහා කැමැත්ත පළ කර තිබේ. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සහ මියන්මාරයේ BG Microfinance Myanmar (BGMM) යන සමාගම් දෙක තුළ ඇමරිකානු ඩොලර් මිලියන 80.67 ක මුදලක් ආයෝජනය කිරීමට නියමිතව තිබේ.

    මෙහි පළමු පියවර වශයෙන් කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි 29.99% ක කොටස් ප්‍රමාණයක් මිල දී ගැනීමට යෝජිත අතර කෝමර්ෂල් ක්‍රෙඩිට් හි BG Investments (PVT) Ltd., Creation Investments Sri Lanka LLC (Creation SL) සහ Mr. Stephen L Lafrance Jr යන ප්‍රමුඛ කොටස්කරුවන්ගෙන් එම ප්‍රමාණය අත්පත් කර ගනු ඇත. ඒ සඳහා ආයෝජිත මුදල රුපියල් බිලියන 10.59 ක් හෙවත් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 72 කි.

    මෙම ආයෝජනයේ මීළඟ පියවර වශයෙන් මියන්මාරයේ BG Microfinance Myanmar සමාගමේ සියලු කොටස් මිල දී ගැනීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා ආයෝජනය කිරීමට යෝජිත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 8 කි. මෙම කොටස් මිල දී ගැනීම BG Microfinance Myanmar හි කොටස්කරුවන් වන BG Investments (PVT) Ltd, BG International (PVT) Ltd, BG Capital (PVT) Ltd. සහ Commercial Credit and Finance PLC වෙතින් සිදුකෙරෙනු ඇත.

    ඡායාරූපය - Group Lease Plc හි අධ්‍යක්ෂ Tatsuya Konoshita