ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී පුළුල් වූ නිෂ්පාදන වගකීමෙ හි ඇති වැදගත්කම

February, 9, 2021

ලංකා වාණිජ මණ්ඩලයේ මහ ලේකම් සහ ප‍්‍රධාන විධායක නිලධාරී මංජුල ද සිල්වා මහතා විසිනි

සෑම වසරකම ශ්‍රී ලංකාවෙන් ප්ලාස්ටික් මෙටි‍්‍රක් ටොන් 640,000 කට වැඩි ප‍්‍රමාණයක් ඉන්දියානු සාගරයට මුදා හරිනු ලබයි (Clean Cities, Blue Ocean, June 2020)¡ බස්නාහිර පළාතෙන් පමණක් දිනකට ඝන අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 7500ක් පමණ උත්පාදනය වන නමුත් එයින් එකතු කර ගනු ලබන්නේ අපද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 3500ක් පමණි (මධ්‍යම පරිසර අධිකාරිය 2018). මෙයින් 15%කට ආසන්න ප‍්‍රමාණයක් කොම්පෝස්ට් බවට පත් වේ. තවත් 10%ක් ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන අතර 75%ක් කසළ රැඳවුම් අංගනවලට දමනු ලැබේ. ප්ලාස්ටික් මගින් ජනතාවට අත්‍යාවශ්‍ය නිෂ්පාදන වඩාත් පහසුවෙන් ලබා ගැනීමට හැකියාව තිබුණ ද එමගින් පරිසරය සිදුවන බලපෑම පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ.

අධික ලෙස භාණ්ඩ පරිභෝජනය කිරීම හා පරිභෝජනයෙන් පසු එක්රැස් වන අපද්‍රව්‍ය විශාල ලෙස පරිසරයට මුදා හැරීම පෘථිවියට අහිතකර ලෙස බලපානු ලබයි. පෘථිවියට සිදු වූ මෙම බලපෑම හේතුවෙන් වසර 50කට වැඩි කාලයක් එහි වරද පාරිභෝගිකයින් මත පැටවූ නමුත් පාරිභෝගිකයින්ට පමණක් මෙයට දොස් පැවරිය යුතුද? පාරිභෝගිකයින් යනු කසළ කළමනාකරණ ක‍්‍රියාවලියේ ප‍්‍රධාන පාර්ශවකරුවෙකු වන නමුත් නීති සම්පාදකයින්, සිවිල් සමාජ, ප්ලාස්ටික් ආනයනය කරන්නන් සහ නිෂ්පාදනය හා ඇසුරුම්කරණ ක‍්‍රියාවලීන්ට ප්ලාස්ටික් භාවිතා කරන නිෂ්පාදකයින් වැනි අනෙකුත් පාර්ශවයන් සමඟ එක්ව ඔවුන් මෙහි වගකීම බෙදා ගනු ලබයි.

වර්තමානයේදී පාරිභෝගිකයින් තමන් පරිභෝජනය කරන නිෂ්පාදන සේවා හා වෙළෙඳ නාම පිළිබඳව හොඳින් දැනුවත්ව සිටින අතර ඒවා පිළිබඳව විනිවිදභාවයෙන් හා වගකීමෙන් යුතුව කටයුතු කරයි. මේ හේතුවෙන් වෙළෙඳ නාම අතර තිබෙන තිරසාරභාවය පිළිබඳ සංවාදය හුදු අලෙවිකරණ උපායක සිට ලොව පුරා සිටින ඊළඟ පරම්පරාවේ පාරිභෝගිකයින් ඉල්ලා සිටින ආකාරයේ සැබෑ අවශ්‍යතාවක් දක්වා වෙනස් වී ඇත.

‘‘භාවිතය අඩු කිරීම, නැවත භාවිතය හා ප‍්‍රතිචක‍්‍රීයකරණය’’ යන වගකිව යුතු කසළ කළමනාකරණයක් සඳහා වන ප‍්‍රධාන පියවර තුන තිරසාරභාවය සඳහා අඛණ්ඩව පවතිනු ඇත. කෙසේවෙතත් නිෂ්පාදකයින් මෙහි වගකීම භාරගන්නා විට ඒ සම්බන්ධව අපට ඇසිය යුතු ප‍්‍රශ්න රාශියක් ඇත. එනම් ප්ලාස්ටික් වෙනුවට වෙනත් විකල්ප සඳහා මාරු වීමට හා වර්තමානයේදී ඔවුන්ගේ එම ඉල්ලූම සපුරාලීමට සංවිධානවලට හැකිද? එය නිෂ්පාදන සැලසුමට බලපාන්නේ කෙසේද සහ පරිභෝජනය සඳහා එය සුදුසුද? භාවිතයෙන් ඉවත් කිරීම හා භාවිතය අඩු කිරීමෙන් අවසානයේදී සිදු වන්නේ පාරිභෝගිකයාට එම නිෂ්පාදනය සඳහා පහසුවෙන් ප‍්‍රවේශ වීමේ අවස්ථාව අහිමි වීම පමණකි. මෙහි පාරිභෝගිකයින් ලෙස හඳුන්වන්නේ ඔබත් මමත් වැනි සාමාන්‍ය ජනතාවය.

 

ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටලූවට අප මුහුණ දිය යුත්තේ කෙසේද?

පුළුල් වූ නිෂ්පාදක වගකීම වැදගත් වන්නේ මෙහිදීය. ආර්ථික සහයෝගිතා හා සංවර්ධනය සඳහා වන සංවිධානයට අනුව පුළුල් වූ නිෂ්පාදක වගකීම (EPR) යනු ප‍්‍රතිපත්තිමය යාන්ත‍්‍රණයකිx එමගින් ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසියාකාරව බැහැර කිරීම හා වෙන් කිරීම දිරිමත් කිරීම සඳහා නිෂ්පාදකයින්ට යම් වගකීමක් (මූල්‍ය හෝ භෞතික) ලබා දෙනු ලැබේ. සෘජු ආර්ථිකයක සිට චක‍්‍රීය ආර්ථිකයන් කරා මෙහෙයවන තීරණාත්මක මෙවලමක් ලෙස EPR දැක්විය හැකිය

ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසියාකාරව බැහැර කිරීම හා වෙන් කිරීම සම්බන්ධයෙන් නිෂ්පාදකයින් දිරිගැන්වීමට පහසුකම් සැලසීම මගින් භාවිතය අඩු කිරීම, නැවත භාවිතය හා ප‍්‍රතිචක‍්‍රීයකරණය යන කසළ කළමනාකරණය උදෙසා කැපවන ක‍්‍රමානුකූල ප‍්‍රවේශයක් ලෙස EPR හැඳින්විය හැකිය. මෙය වර්තමානයේදී තහනම් පැනවීමට වඩා තිරසාරත්මක මෙවලමක් ලෙස භාවිතා කළ හැකිය. විශේෂයෙන්ම බොහෝ ප්ලාස්ටික් නිෂ්පාදන උපයෝගීතාව සඳහා නිර්මාණය කරන බැවින් එක් දිනකින් ඒවා වෙළෙඳපොලෙන් ඉවත් කළ නොහැකිය. ඒ අනුව PET (Polyethylene terephthalate) සහ HIPS (High Impact Polystyrene) ප්ලාස්ටික් වැනි ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි දේවල් සඳහා තහනම් පැනවීමට වඩා වෙනත් විකල්ප සොයා ගත යුතු වන අතර, එමගින් දේශීය ප‍්‍රතිචක‍්‍රීයකරණ ක‍්‍රියාවලීන් තව තවත් වැඩිදියුණු කළ හැක.

 

ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ඉදිරි ගමන් මග

පසුගිය වසර දෙක පුරාවට ලංකා වාණිජ මණ්ඩලයේ අප, ප‍්‍රධාන පාර්ශව වන රාජ්‍ය අංශයේ ආයතනවල සිට ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන් හා එකතුකරන්නන්; නිෂ්පාදකයින්; වෙළෙඳ නාම හිමිකරුවන් හා ආනයනකරුවන්; සහ පරිසර ක‍්‍රියාකාරීන් දක්වා පශ්චාත් පාරිභෝගික ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය පිළිබඳව ගැටලූව විසඳීම සඳහා එක්ව කටයුතු කරමින් සිටියෙමු. පශ්චාත් පාරිභෝගික ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණය සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප‍්‍රායෝගික විසඳුම් හඳුන්වා දීම හරහා සාර්ථකත්වය කරා අප යන ගමනේදී ප‍්‍රධාන පාර්ශවකරුවන් සියලූදෙනාගේ සාමූහික දායකත්වය හා සහයෝගීතාවය සමඟ අප EPR උපායමාර්ගයක් සංවර්ධනය කිරීමේ ක‍්‍රියාවලියක නිරතව සිටින්නෙමු.

අප මෙම EPR උපායමාර්ගය සම්පාදනය කිරීමේ ක‍්‍රියාවලියේදී එකිනෙකට වෙනස් EPR ප‍්‍රතිපත්ති ඇති ලෝකයේ රටවල් හයක් පුරා ක‍්‍රියාත්මක වන හොඳම EPR ක‍්‍රමෝපායන් සහ එම පද්ධති සාර්ථකත්වයට යොදා ගෙන ඇති උපායමාර්ග පිළිබඳව අප අවධානය යොමු කළෙමු. මේ යටතේ අප ඉන්දුනීසියාව, ඉන්දියාව, ජපානය, නෙදර්ලන්තය, කෙන්යාව හා දකුණු අප‍්‍රිකාව යන රටවල් අධ්‍යයනය කරන ලදී.

අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනය ^USAID) පරිසර අමාත්‍යංශය, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය සහ ශ්‍රී ලංකා ජෛව විවිධත්ව ආයතනය සමඟ එක්ව ලංකා වාණිජ මණ්ඩලය පසුගිය වසර දෙක මුළුල්ලේ මෙම විෂය සම්බන්ධයෙන් ක‍්‍රියාකාරීව සම්බන්ධ වී කටයුතු කළේය. මෙම නව ප‍්‍රවේශයේ මෑතකාලයේ අත්කර ගත් ප‍්‍රගතියට කසළ කළමනාකරණ ක්ෂේත‍්‍රය හා සම්බන්ධ ප‍්‍රධාන පාර්ශව සමඟ පවත්වන ලද සාකච්ඡා තුන ඇතුලත් වේ. එහි සුභවාදී ප‍්‍රතිඵලයක් ලෙස පුද්ගලික අංශය ඇතුළුව මෙම සාකච්ඡුාවලට සම්බන්ධ වූ සියලූම පාර්ශවකරුවන් මෙම EPR උපායමාර්ගය පිළිබඳ එකඟතාවය පළ කර ඇත. එමෙන්ම ඔවුන් මෙම යෝජිත EPR ප‍්‍රතිපත්ති ඉදිරියට ගෙන යාම පිළිබඳව එකඟතාවයකට ඒමට බලාපොරොත්තුවෙන් සිටී.

මෙම EPR ආකෘතිය ශ්‍රී ලංකාවට ළඟදීම හඳුන්වා දෙනු ඇති අතර Mandatory Reporting and Collect-Back  ක‍්‍රමවේදය සමඟින් වෙළෙඳ නාම හිමිකරුවන්ට, ආනයනකරුවන්ට හා නිෂ්පාදකයින්ට ඔවුන් ඇසුරුම්කරණය සඳහා ප‍්‍රධාන වශයෙන් භාවිතා කරන වාර්ෂික ප්ලාස්ටික් ධාරිතාවය පිළිබඳව වාර්තා කිරීම අනිවාර්ය වනු ඇත.

ඒ අනුව රටක ප්ලාස්ටික් එකතු කිරීම සඳහා ලබා දෙනු ලබන නිශ්චිත ඉලක්කය මත පදනම්ව සෑම වෙළෙඳ නාම හිමිකරුවෙකුටම එකතු කිරීමේ ඉලක්ක සම්පූර්ණ කිරීමට සිදු වන අතර මෙය වසරක් පාසා ක‍්‍රමයෙන් ඉහළ යනු ඇත. වෙළෙඳ නාම හිමිකරුවන් ඔවුන්ගේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීමේ ඉලක්කය ඉක්මවා යයි නම් තවත් වැඩිපුර ප්ලාස්ටික් එකතු කිරීමට ඔවුන්ව තවත් ශක්තිමත් කිරීම හා දිරිමත් කිරීම සඳහා දීමනා ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරනු ඇත. තවද වෙළෙඳ නාම හිමිකරුවන් ඔවුන්ගේ ප්ලාස්ටික් එකතු කිරීමේ වාර්තා සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය පිළිබඳ දත්ත විනිවිදභාවයකින් යුතුව පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය සහ වාණිජ මණ්ඩලය අධීක්ෂණය කරනු ඇත.

මෙම පළමු EPR පද්ධතිය නිතර භාවිතයට ගන්නා පාන වර්ග හා යෝගට් වැනි නිෂ්පාදන ඇසුරුම්කරණයේදී භාවිතා කරන PET සහ HIPS වැනි ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය සඳහා හඳුන්වා දීමට බලාපොරොත්තු වේ. දැනටමත් වෙළෙඳපොලේ ඇති ඇසුරුම්කරණය සඳහා යොදා ගනු ලබන PET ප්ලාස්ටික් එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් සඳහා ආරක්ෂිත විකල්පයක් ලෙස පෙන්වා දිය හැකිය. PET යනු ප්ලාස්ටික් වර්ග ගණනාවක එක් කොටසක් වන අතර, ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමට හා තවදුරටත් පරිභෝජනයට නුසුදුසු වීමට පෙර බොහෝ වාරයක් ඒවා ප‍්‍රතිචක‍්‍රීයකරණ කළ හැක. PET ප්ලාස්ටික්වල HDPE අඩංගු නොවන අතර BPA රහිතය. දශක තුනකට පෙර භාවිතා කළ නිෂ්පාදනයට වඩා සැහැල්ලූ මාදිලියක් නිෂ්පාදකයින් වර්තමානයේ භාවිතා කරන නිසා පසුගිය වසර 30 පුරාවට PET ප්ලාස්ටික් කැපී පෙනෙන වර්ධනයක් ලබා ඇත.

 

යථාර්තය නම්

අපගේ කසළ ගැටලූව කළමනාකරණය කිරීමේදී සාමූහිකව හා සහයෝගීව කටයුතු කිරීමෙන් සැමටම වාසි ලබා ගත හැකිය. EPR යනු එක් විකල්පයක් වන නමුත් යම් නිෂ්පාදනයක් සැලසුම් කළ දින සිට පාරිභෝගිකයා එය බැහැර කරන කාලය දක්වා සහ නැවතත් එය ප‍්‍රතිචක‍්‍රීයකරණය හා නිෂ්පාදන ක‍්‍රියාවලිය වෙත පැමිණෙන තෙක් පාර්ශවකරුවන් වගකිව යුතු විශාල විසඳුමක, අතිශය තීරණාත්මක පියවරක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.

වාසනාවකට මෙන් අප සතුව ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන්ට අවශ්‍ය ප්ලාස්ටික් ද්‍රව්‍ය සපයන ප්ලාස්ටික් පොලිතීන් එකතුකරන්නන් 300කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා සිටී. අවශ්‍ය ප්ලාස්ටික් අමුද්‍රව්‍ය අඛණ්ඩව සැපයීමෙන් ඔවුන්ට පූර්ණ ධාරිතාවයෙන් ක‍්‍රියා කිරීමට හැකි වන අතර එමගින් ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දීමට ඔවුන්ව සවිබලගන්වනු ඇත. අපද්‍රව්‍ය අවම කිරීමට හා සම්පත් හොඳින් කළමනාකරණය කිරීම සඳහා පහසුවෙන් ලබා ගත හැකි තිරසාර විසඳුමක්, පශ්චාත් පාරිභෝගික නිෂ්පාදන ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමෙන් අපට ලබා දෙනු ඇත.

එබැවින් වෙළෙඳපොලේ දැනට පවතින නිෂ්පාදනවලට කුමක් කළ හැකිද යන්න සලකා බැලීම අත්‍යාවශ්‍ය වේ. මේ කාර්යය සඳහා EPR වඩාත් හොඳ කසල කළමනාකරණයක් තහවුරු කිරීමේ භූමිකාවක් සිදුකරනු ඇති අතර නිෂ්පාදකයින්ට එක් වරක් පමණක් භාවිතා කරන නිෂ්පාදන වෙත විකල්පයක් ලෙස යෑමට සිදු වුවහොත් එයින් සිදු වන පාරිසරික බලපෑම අවම කිරීමට ද හේතු වනු ඇත.

ප්ලාස්ටික් ඇසුරුම්කරණය සහ කසළ උත්පාදනය කිරීම පිළිබඳ නව තහනම අනපේක්ෂිත තත්වයක් විය හැක්කේ මෙවැනි තහනම් කිරීම් පාරිභෝගිකයාගේ ජීවිතයේ ගුණාත්මකභාවයටද බලපෑමක් එල්ල කරන නිසාය. ක්ෂේත‍්‍රයේ මට්ටමින් EPR වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීම ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීම වෙනුවට වඩාත් තාර්කික විකල්පයක් වනු ඇත. මෙම කසළ කළමනාකරණය පිළිබඳ ගැටලූවේදී පාරිභෝගිකයින්, නිෂ්පාදකයින්, එකතුකරන්නන්, ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන්නන් සහ ප‍්‍රතිපත්ති සම්පාදකයින් වශයෙන් අප විසින් ඉටු කරනු ලබන කාර්යභාරය නැවත වරක් අවධාරණය කිරීමෙන් සියලූ පාර්ශ්ව මෙම ක‍්‍රියාවලියේ වගකිව යුත්තන් වශයෙන් නැවත තහවුරු කර ගනු ලැබේ. එය එසේ වුවත් අපගේ කොටස ඉටු කිරීමට අප සැවොම අත්වැල් බැඳගන්නා තෙක් මෙම චක‍්‍රය කිසිවිටෙකත් සම්පූර්ණ වන්නේ නැත.