ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අරමුණු සඳහා ඇමරිකානු සහාය

    November, 29, 2021

    USAID හි ඩොලර් මිලියන 19ක පස් වාර්ෂික නව ව්‍යාපෘතියෙන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අරමුණු සඳහා සහාය දෙයි

    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ඇ. ඩොලර් මිලියන 19ක, පස් වාර්ෂික නව වැඩසටහන වන ශ්‍රී ලංකාවේ බලශක්ති වැඩසටහන (Sri Lanka Energy Program) පිළිබඳව නොවැම්බර් 17 වැනි දින නිවේදනය කරන ලදී.

    අවශ්‍ය කටයුතු සම්පූර්ණ කළ පසු මෙම ප්‍රදානයෙන්, වසර 2030 වන විට 70% දක්වා පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය ඉහළ නංවාගැනීමට ශ්‍රී ලංකා රජයට ඇති දැක්ම සඳහා සහාය දෙනු අතර, ශ්‍රී ලංකාවේ බලශක්ති අංශය වෙළෙඳපල-පාදක, සුරක්ෂිත, විශ්වාසය තැබිය හැකි සහ දීර්ඝ කාලීන පද්ධතියක් බවට පරිවර්තනය කිරීමට දායක වනු ඇත.