July, 30, 2025
2025 වසර සඳහා ශ්‍රී ලංකාව ‘ලෝකයේ සුන්දරම දිවයින’ ලෙස නම් කර ඇත.
ඒ ගෝලීය සංචාරක වෙබ් අඩවියක් වන ‘Big 7 Travel’ විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ලොව සුන්දරම දූපත් 50 ට අදාල නවතම වාර්තාවකට අනුවයි.
එහි ශ්‍රී ලංකාවට 2025 වසර සඳහා ‘ලොව වඩාත්ම සුන්දර දූපත’ ලෙස පළමු ස්ථානය ලබා දී තිබේ.
ලොව පුරා ගමනාන්ත ඇතුළත් මෙම ලැයිස්තුව, 2025 දී ගවේෂණය කිරීමට ඇති සුවිශේෂී දූපත් අත්දැකීම් සහ ආකර්ෂණීය ස්ථාන අගය කරයි.
මෙම වසරේ ශ්‍රේණිගත කිරීම නව ප්‍රවණතා සහිත ගමනාන්ත, දුරස්ථ නිවාඩු නිකේතන සහ ජනප්‍රිය ස්ථාන රැසක එකතුවක් ඉස්මතු කරයි.
මෙම ලැයිස්තුව සකස් කර ඇත්තේ පෙර මාධ්‍ය ප්‍රතිඵල, Big 7 Travel කතුවැකි කණ්ඩායමේ දායකත්වය, සමාජ මාධ්‍යවල ලෝකයේ සංචාරක ගමනාන්තවල ජනප්‍රියත්වය සහ 2025 දී සංචාරකයන්ගේ අවධානය දිනා ගන්නා ගමනාන්ත මත පදනම් වූ සමුච්චිත ලකුණු අනුවයි.
‘Big 7 Travel’ නිල වාර්තාවට අනුව ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත්තේ පහත අයුරිනි.
"This teardrop-shaped island off the southern coast of India has it all, from golden beaches to terraced tea plantations. Whiling away blissful days beach-hopping along the 833-mile coastline is part of the charm, but Sri Lanka offers much more beyond the shore. Itineraries fill up quickly here, between the timeworn temples, colonial towns, misty mountains, and wildlife safaris in Yala National Park, home to tigers and elephants. It’s easy to see why Marco Polo called Sri Lanka ‘the finest island of its size in all the world’."
එම වෙබ් අඩවියට අනුව මෙම වසරේ සංචාරය කිරීමට සුදුසු හොඳම දූපත් 10 පහතින් දැක්වේ.
1. Sri Lanka
2. Mo’orea, French Polynesia
3. Socotra, Yemen
4. Madeira
5. The Galapagos, Ecuador
6. Great Exuma, Bahamas
7. Seychelles
8. Achill Island, Ireland
9. Koh Lipe, Thailand
10. Milos, Greece
Video Story