ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සම කළමනාකාර අධ්‍යක්ෂවරුන් ඉල්ලා අස්වෙයි

    October, 13, 2017

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සම කළමනාකාර අධ්‍යක්ෂවරුන් වන ටී.එම්.ආර්. බන්ස ජයා සහ අරුණ සිරිවර්ධන යන මහත්වරුන් අදාළ තනතුරුවලින් ඉල්ලා අස් වී තිබේ.

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි සම කළමනාකාර අධ්‍යක්ෂ තනතුරු අහෝසි කොට, එක් විධායක අධ්‍යක්ෂ ධූරයක් පමණක් පවත්වා ගෙන යාමට ආර්ථික කළමනාකරණ කැබිනට් කමිටුව විසින් උපදෙස් දී තිබෙන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාතාංශයේ ප්‍රකාශකයෙකු අද දෙරණ වෙත පැවසීය.

    ඒ අනුව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව විධායක අධ්‍යක්ෂවරයා ලෙසින් නිලූ විජේදාස මහතා ඊයේ (12) දින පත් කර තිබේ.

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හිටපු සම කළමනාකර අධ්‍යක්ෂ ටී.එම්.ආර්. බන්ස ජයා මහතා හිටපු මුදල් හා විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ඥාති සහෝදරයෙකු වේ.