June, 10, 2022
ශී‍්‍ර ලංකාවේ පවතින අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් සියළුම අංශ දුර්වල වෙමින් පවතී. ඒ නිසා රටේ ජීවත්වන දරුවන්ගෙන් භාගයකට ආසන්න ප්‍රමාණයකට කිසියම් ආකාරයක මානුෂීය ආධාර අවශ්‍යවන තත්වයක් උදාවී ඇත.
ඉදිරි මාස හතර තුළ වඩාත් අවදානමට ලක්විය හැකි ජනගහනයේ හදිසි අවශ්‍යතා සපුරාලීම සඳහා එක්සත් ජාතීන් විසින් ආධාර ඉල්ලා ඇත. ඉදිරි මාස හත තුළ දරුවන්ගේ ඉහළ යන අවශ්‍යතාවලට ප්‍රතිචාර දැක්වීම ඉහළ නැංවීම සඳහා අද දිනයේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 25.3 ක ආධාර ඉල්ලා සිටී. මෙම අරමුදල්, අවදානමට ලක් විය හැකි ශී‍්‍ර ලාංකික දරුවන් මිලියන 1.7කගේ ජීවිත බේරා ගැනිම මෙන්ම ඔවුන්ගේ පෝෂණය, සෞඛ්‍ය ආරක්ෂණය, පිරිසිදු පානීය ජලය, අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ඉවහල්වනු ඇත.
”වත්මන් අර්බුදය ම`ගින් තමන්ට දැරිය හැකි සීමාවන්ගේ අන්තයටම පවුල් ඇද දමා ඇත” යනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශී‍්‍ර ලංකා නියෝජිත කි‍්‍රස්ටියන් ස්කූග් මහතා පැවසුවේය. ”දරුවෝ් අසරණව කුසගින්නේ නින්දට යති. බොහෝ දරුවන් නිතිපතා පාසල් නොයන අතර, රෝහල්වල ළමුන්ට සහ ගැබිණි මාතාවන්ට අවශ්‍ය ඖෂධ ඇතු`ඵ බොහෝ ඖෂධ සීඝ්රයෙන් අවසන් වෙමින් පවතී. අප වහාම කි‍්‍රයාත්මක නොවන්නේ නම් අසරණ බවට පත්ව ඇති පිරිමි සහ ගැහැණු ළමුන්ට තමන් විසින් නිර්මාණය නොකළ සහ තමන් වගකිව යුතු නැති අර්බුදයක් සඳහා ඉහළම වන්දියක්් ගෙවීමට සිදුවනු ඇතග”
වත්මන් අර්බුදයට පෙර සිටම, ළමා මන්දපෝෂණ අනුපාතය වැඩිම දකුණු ආසියානු රටවල් අතුරින් දෙවන ස්ථානය ශී‍්‍ර ලංකාවට හිමිවූ අතර, සෑම ළදරුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙකුටම අවම අපේක්ෂිත පෝෂණ මට්ටමේ ආහාර වේලක් ලබාගත නොහැකි විය. ඉහළ යන ආහාර මිලත් සමගම, පවුල් ඒකක වලින් 70%ක් දැන් ආහාර පරිභෝජනය අඩුකර ඇති බව වාර්තා කර ඇති අතර, ඉන්ධන අර්බුදය හා නිරන්තර විදුලිය ඇනහිටීම් නිසා සෞඛ්‍යය සහ අධ්‍යාපනය ඇතු`ඵ ළමුන්ගේ අත්‍යාවශ්‍ය සේවාවන්ට බාධා පැමිණවී ඇත. පිරිසිදු පානීය ජලය මෙන්ම නිවසේ භාවිතය සඳහා සුරක්ෂිත ජලය සඳහා ප්‍රවේශය අඩුවෙමින් පවතින අතර එමඟින් ජලයෙන් බෝවන රෝග ඇතිවීමේ අවදානම වැඩි වේ.
ර්ණදුගී භාවය, කොවිඞ්-19 ගෝලීය වසංගතය සහ නැවත නැවතත් ඇතිවූ දේශගුණික ව්‍යසනයන්ගේ විෂම සංයෝගයන්ට මුහුණ දීම නිසා ශී‍්‍ර ලංකාවේ වඩාත්ම අසරණවී සිටින බොහෝ පිරිමි ළමුන් සහ ගැහැණු ළමුන් වත්මන් අර්බුදය මගින් අසමාන වූ බලපෑමකට ලක් කර ඇත”, යනුවෙන් පැවසූ ස්කූග් මහතා, මෙසේද සඳහන් කළේය, ර්ණඑක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සිය මානුෂීය ආයාචනය තුලින් පරිත්‍යාගශීලීන් ගෙන් ඉල්ලා සිටින්නේ ශී‍්‍ර ලංකාවේ දරුවන්ට සහයෝගය දක්වන ලෙසයි. එක්වී කටයුතු කිරීමෙන්, වසර ගණනාවක් පුරා ශී‍්‍ර ලංකාවේ දරුවන් වෙනුවෙන් අප අත්කරගත් දියුණුව ස්ථිරවම ගිලිහී නොයන බව අපට සහතික කළ හැකි වෙනවා.”
ළමුන් සඳහා වන අරමුදල් රැස්කිරීමේ ව්‍යාපෘතියේ කොටසක් ලෙස පහත සඳහන් කි‍්‍රයාකාරකම් සිදු කිරීමට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සැලසුම් කර ඇත:
ශී‍්‍ර ලංකාව තුළ වසර 50 කට වැඩි ක්ෂේත්‍ර කි‍්‍රයාකාරකම් සහ දිවයින පුරා විසිරී සිටින හවුල්කරුවන්ගේ ජාලයක් සම`ග, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් ජීවිත බේරා ගැනීමේ සහ අර්බුදයේ වඩාත් විනාශකාරී බලපෑම්වලින් ළමුන් බේරා ගැනීම සනාථ කර ගැනීමේ බිම් මට්ටමේ ප්රයත්නයන්ට නායකත්වය සපයනු ලැබේ.
Video Story