සංචාරක පැමිණීම දොළොස් ලක්ෂය ඉක්මවයි

    July, 9, 2025

    2025 ජූලි 6 වන දිනෙන් අවසන් වූ මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,204,046ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    2024 වසරේ දොළොස් ලක්ෂයක සංචාරක ඉලක්කයක් සපුරා ගැනීමට හැකි වූයේ අගෝස්තු මාසයේදී යි.

    එම අධිකාරික සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ජූලි මාසයේ පළමු දින 6 තුළ පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 36,002ක් බවයි.

    ජූලි මාසයේ පළමු දින 6 තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 8,053ක් ලෙසයි.

    මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 3,562ක්, ඕස්ට්‍රේලියාවෙන් 2,674ක් සහ චීනයෙන් 2,362ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.