සංචාරක පැමිණීම ලක්ෂ 5 ඉක්මවයි

    March, 19, 2024

    2024 මාර්තු 01 සිට 17 දක්වා කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 111,284 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන සඳහන් කරයි.

    ඒ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය 537,887 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මාර්තු මාසය තුළ පැමිණි සංචාරකයින්ගෙන් බහුතරය සුපුරුදු පරිදි ඉන්දීය සහ රුසියානු සංචාරකයින් වන අතර සංඛ්‍යාත්මකව එම අගයයන් පිළිවෙලින් 16,830 ක් සහ 16,548 ක් වේ. මීට අමතරව ජර්මනියෙන් 10,546 ක්, එක්සත් රාජධානියෙන් 8,926ක්, ප්‍රංශයෙන් 7,018 ක් සහ චීනයෙන් 6,892 ක් ලෙසින් මෙම වකවානුව තුළ වැඩිවශයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණි සෙසු රටවල් වේ.