සංස්ථාවේ ෂෙඩ් 150 ක් Sinopec සමාගමට

    May, 22, 2023

    මෙරට සිල්ලර පෙට්‍රොලියම් වෙළෙඳපොළට ප්‍රවේශවීම පිණිස චීනයේ Sinopec සමාගම සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම් අත්සන් කිරීම අද (22) උදෑසන සිදුවිය.

    එහිදී දැනට ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) විසින් පවත්වා ගෙන යනු ලබන ඉන්ධන පිරවුම්හල් 150 ක් ක්‍රියාත්මක කිරීමට සහ නව ඉන්ධන පිරවුම්හල් 50 ක් වෙනුවෙන් ආයෝජනය කිරීමට Sinopec කටයුතු කරනු ඇත.

    වසර 20ක කාලයක් වෙනුවෙන් Sinopec සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු කරගෙන යාමට බලපත්‍රය මේ අනුව හිමිවනු ඇත.

    බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු දින 45ක් ඇතුළත සිනොපෙක් සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.