September, 3, 2025
ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය (SLITHM) සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ සහයෝගයෙන්, “සත්කාරයේ ශ්‍රම සේනා - හෝටල් මෙහෙයුම් බහුකාර්ය පුහුණු පාඨමාලාව” සමාරම්භක අවස්ථාව අභිමානයෙන් දැනුම් දෙයි.
මෙම නවෝත්පාදන වැඩසටහන ශක්තිමත් රාජ්‍ය–පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ආකෘතියක් මත ගොඩනගා ඇති අතර රජයේ ආයතන, පෞද්ගලික පුහුණු සපයන්නන් සහ කර්මාන්ත නියෝජිතයන්ගේ විශේෂඥතාව එකට ගෙන ඒමෙන් තරුණ පරපුර ඒ සඳහා සූදානම් කිරීමට උත්සාහ ගනී.
විශේෂයෙන්, ශ්‍රී ලංකාවේ සංචාරක හා ආගන්තුක සත්කාර කර්මාන්තයේ වේගයෙන් පවතින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සේවක අවශ්‍යතා සපුරාලීමට හැකි බහු නිපුණතා වෘත්තිකයන්, තරුණ–තරුණියන් අතරින් බිහිකිරීම මෙහි අරමුණ වේ.
දැනටමත් දිස්ත්‍රික්ක 25 ආවරණය වන ලෙස වරලත් ලාභී ආයතන 35 ක් SLITHM සමඟ සම්බන්ධ වී ඇති අතර, එමඟින් රට පුරා තරුණ පරපුරට පුහුණු අවස්ථා සඳහා පුළුල් ප්‍රවේශයක් සපයයි.
වැඩසටහනේ ප්‍රධාන මූලික ලක්ෂණ
නිල දියත් කිරීමේ උත්සවය
සැප්තැම්බර් 03 වන දින, 10.00 AM , SLITHM ප්‍රධාන ශ්‍රවණාගාරයේදී මෙම වැඩසටහනේ නිල දියත් කිරීම පැවැත්වේ.
මෙම අභිමානවත් අවස්ථාවට සම්බන්ධ වන ගෞරවනීය අමුත්තන්:
මෙම විශේෂ මුලපිරීම හරහා SLITHM සහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවත් සවිමත් කිරීමේදී තම කැපවීම නැවත තහවුරු කරන අතර, තිරසාර රැකියා අවස්ථා සෑදීමේ සහ ජාතියේ තරුණ පරපුර බලගැන්වීමේ යහපත් අරමුණ නිරන්තරව ඉදිරියට ගෙන යයි.


Video Story