සම්පත්කාඩ්ස්, වගකීමක් ඇති තේරීමක් වෙමින් උත්සව සමයේ හොඳම වට්ටම් හිමිකර දෙයි

    December, 16, 2020

    මේ උත්සව සමයේදී පුළුල් පරාසයක විහිදුණු විවිධ අංශ සඳහා 50%ක් දක්වා සුවිශේෂී වට්ටම්

    සිය නැණවත් කාඞ්පත් හිමියන් අගය කිරීම හා ඔවුන්ට ප්‍රතිලාභ ලබා දීම වෙනුවෙන් සුවිශේෂී වට්ටම් හා ප්‍රතිලාභ හිමි කර දීමට සම්පත් බැංකුව කටයුතු කර ඇත. ඒ තුළින් සුවිශේෂී වට්ටම් සහිත සාප්පු සවාරි සඳහා පමණක් සීමා නොවී උත්සව සමයේදී තම ආදරණීයයන් සමඟ ප්‍රීතිමත් මෙන්ම අමතක නොවන අත්දැකීමක් වෙනුවෙන් සුවිසල් අවස්ථාවක්ද සම්පත්කාඞ්පත් හිමියන් වෙත උදා කර දී ඇත.

    මේ අනුව සම්පත් මාස්ටර්කාඞ්, වීසා ක්‍රෙඩිට් කාඞ් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන්ට පුළුල් පරාසයක විහිදුණු දිවයින පුරා හවුල්කාර අලෙවිසැල් ජාලය තුළින් 50% ක් දක්වා මුදල් ඉතිරිකර ගැනීමේ අවස්ථාව උදා වේ. එහිදී නවීන විලාසිතාවේ ඇඳුම්, පාවහන්, ඇස් කණ්ණාඩි මෙන්ම ළදරු සහ ළමා ඇඳුම් වල සිට අලංකාර ඔරලෝසු දක්වාත්, ස්වර්ණාභරණයන්ගේ සිට ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ දක්වාත්, ගෘහ භාණ්ඩ, නිවාස ආරක්ෂණ උපකරණයන්ගේ සිට තෑගි භාණ්ඩ දක්වාත් සෑම භාණ්ඩයක් සඳහාම ඉහළම වට්ටම් හිමිකර ගැනීමට කාඞ්පත් හිමියන්ට හැකිය. එසේම සම්පත් කාඞ්පත් හිමියන්ට සෞඛ්‍යය හා රක්ෂණ, සුපිරි වෙළෙඳසැල්හි අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, Online සාප්පු සවාරි, විනෝදාස්වාද මෙන්ම රථවාහන සේවා සඳහාද මේ යටතේ විශේෂ වට්ටම් හිමි වේ.

    සම්පත් බැංකුවේ මෙහෙයුම් හා කාඞ් මධ්‍යස්ථාන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කුසල් ද සිල්වා මහතා “සම්පත්කාඞ්ස් ලෙස අපි නිරන්තරයෙන් ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් අනුව යමින් නිෂ්පාදන, සේවාවන් හා ප්‍රතිලාභ හරහා ඔවුන්ගේ ජීවිතයේ සෑම අවස්ථාවකටම වැඩි වටිනාකමක් එක් කිරීමට බලාපොරොත්තු වෙනවා. 2020 වසරේදී ලෝකය මුහුණ දුන් පෙර නොවූ විරූ අභියෝගයන් හමුවේ ගනුදෙනුකරුවන්ගේ මූල්‍ය ගැටළු ලිහිල් කිරීම සඳහා අපි අමතර පියවර රැසක් ගෙන තිබෙනවා.” යනුවෙන් පැවසීය. වැඩි දුරටත් අදහස් දැක්වූ කුසල් ද සිල්වා මහතා “ඉතා නැණවත්ව වගකීම් සහගත තේරීමක් ලෙස සම්පත් කාඞ් තෝරා ගැනීම පිළිබඳව අපගේ කාඞ්පත් හිමියන්ට ස්තුතිය පළ කරන අතරම මේ උත්සව සමයේදී පෙරටත් වඩා පුළුල් සාප්පු සවාරි දීමනා සහ වරප්‍රසාද ලබා දීමට කටයුතු යොදා තිබෙන බවත් සඳහන් කළ යුතුයි. අපගේ කාඞ්පත් හිමියන් මෙම ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිය ආදරණීයයන් සමඟ සදාතනික මතකයන් නිර්මාණය කරගනු දැකීම අපේ අභිලාෂයයි.” යනුවෙන් ද පවසා සිටින ලදී.

    මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කාඞ් මධ්‍යස්ථාන ප්‍රධානී දර්ශින් පතිනායක මහතා සඳහන් කර සිටියේ “සම්පත්කාඞ්ස් ලෙස අපගේ ප්‍රධාන ප්‍රමුඛතාව වන්නේ අපගේ කාඞ්පත් හිමියන්ට වසර පුරා වැඩි වටිනාකමක් ලබා දීමයි. පුළුල් පරාසයක විහිදුණු අසමසම ප්‍රතිලාභ හා දීමනා හිමිකර දෙමින් ගෝලීය වසංගත තත්වය හමුවේ ඔවුන්ට සහාය වීම සඳහා අපි අමතර ක්‍රියාමාර්ග රැසක් හඳුන්වා දී තිබෙනවා. උත්සව සමය එළඹෙත්ම මෙම අභියෝගාත්මක කාලයන්හිදී ඔවුන්ගේ ජීවිතවලට වැඩි වටිනාකමක් එක් කිරීම සඳහා ගනුදෙනු හා වට්ටම් තවදුරටත් ලබා දීමට හැකි වීම පිළිබඳව අප ඉතා සතුටු වෙනවා.” යනුවෙනි.

    සම්පත් කාඞ්පත් හිමියන් හට ODEL; Luv SL; Cotton Collection; Kelly Felder; Jockey; Arienti; Diliganz; FashionBug; Beverly Street; Reebok; Puma; US Polo; amanté; Hameedia; Signature; Raymond; Envoy; adidas; House of Fashions; Mondy; Crocodile; Dilly and Carlo; Spring and Summer; Nike; Levi’s; Mango; Armani Exchange; Jack & Jones; Aldo; mothercare; Tommy Hilfiger ඇතුලු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තවත් බොහෝ රෙදි පිළි අලෙවිසැල් තුළින් වට්ටම් හිමි කර ගනිමින් සුවිසල් ප්‍රතිලාභ අත් විඳිය හැකිය.

    එසේම මේ නිවාඩු කාලයේදී හොඳම පාවහන් මිලදී ගැනීම වෙනුවෙන් Arrow, asics, Bata, Clarks, DI leather, DSI, DSI Premier, Helanka Shoes,  සහ Reebok යනාදී අලෙවි සැල් තුළින් 25%ක් දක්වා වට්ටමක් හිමිකර ගැනීමේ අවස්ථාවද සම්පත්කාඞ්ස් හිමි කර දී ඇත.

    ආකර්ෂණීය ඔරලෝසු පිළිබඳ උනන්දුවක් දක්වන සම්පත් කාඞ්පත් හිමියන් හට තමන්ට ගැලපෙන ඔරලෝසු මිලදී ගැනීම සඳහා GMT, Montblanc, Turret, සහ Wimaladarma & Sons යන අලෙවිසැල් තුළින් 50%ක් දක්වා වට්ටම් හිමි කර දීමද විශේෂත්වයකි. එසේම Vogue, Raja Jewellers, Mallika Hemachandra, Aminra, , Raddella, Abdeen, Tiesh සහ Chamathka Jewellery තුළින් පොලී රහිත පහසු ගෙවීමේ පහසුකම් සහිත 50%ක් දක්වා වට්ටමක් ලබා දීමටද සම්පත්කාඞ්ස් ඉදිරිපත්ව සිටී.

    එසේම Albert Edirisinghe Opticians, Eric Rajapaksha, George Gooneratne Optometrists, Techno Vision සහ Wickramarachchi Opticians යන අලෙවිසැල් තුළින් ඇස් කණ්ණාඩි හා අව් කණ්ණාඩි මිලදී ගැනීමේදී සම්පත් කාඞ්පත් හිමියන්ට 30%ක් දක්වා වට්ටම් හිමි කරගත හැකියි.

    සම්පත් කාඞ්පත් හිමියන් විසින් මිලදී ගන්නා විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ සහ නිවසට අවශ්‍ය භාණ්ඩ සඳහා Abans, Arpico Furniture, Damro, Dinapala, Metropolitan, Rocell, Seetha Holdings, Singer, Sinhagiri සහ Softlogic අලෙවි ජාලයන් තුළින් මාස 40ක් දක්වා පොලී රහිත ආපසු ගෙවීමේ කාලයක් ලබා ගත හැකි අතර Hunters වෙතින් 20%ක් දක්වා වට්ටම්ද හිමි කර ගත හැකියි.

    ගෝලීය වසංගත තත්වය හා ඒ ආශ්‍රිත සෞඛ්‍ය ගැටළු සහ ගමන් බිමන් අවම කිරීම හේතුවෙන් අන්තර්ජාලය හරහා මිලදී ගැනීම් කරන පිරිස කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. ආරක්ෂාව මෙන්ම පහසුව සඳහා අන්තර්ජාලය තෝරා ගනු ලබන ගනුදෙනුකරුවන් දිරිමත් කිරීමේ අරමුණින් iTunes, Netflix, lk.spaceylon.com, www.babybear.lk, www.daraz.lk, www.mondy78.com, www.dsifootcandy.lk, www.fashionbug.lk, www.gift.lk, www.lassana.com, www.luxecolombo.com, www.kellyfelder.com, www.mymed.lk, www.odel.lk, www.quantum.lk, www.silveraisle.com, www.springandsummer.lk, www.speedwater.lk, www.wimaladharmaandsons.lk සහ www.zigzag.lk. යන වෙබ් අඩවි තුළින් විශේෂ ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථාවද සම්පත් කාඞ්පත් හිමියන් වෙත ලබා දී ඇත.

    සමයවර්ධන පොත්හල් තුළින් මිලදී ගන්නා පොත්පත් සඳහා 20%ක වට්ටමක් මෙන්ම Celcius, House of Gifts, Spa Ceylon, සහ XIMIVOUGE වෙතින් මිලදී ගන්නා තෑගි භාණ්ඩ සඳහාද 20% වට්ටමක් මේ තුළින් හිමිවේ.

    සුපිරි වෙළෙඳසැල් තුළින් එදිනෙදා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා කාඞ්පත් හිමියන්ට කාගිල්ස්හිදී මුළු බිල්පත සදහා 10%ක වට්ටමක් සහ ආර්පිකෝ සුපර් සෙන්ටර්, සුපර් ස්ටෝර්ස් සහ ආර්පිකෝ ඬේලි සුපිරි වෙළෙඳසැල්වලින් මිලදී ගන්නා නැවුම් එළවලු, පළතුරු, මස් සහ මාළු වර්ග සඳහා රුපියල් 2500කට වැඩි බිල්පත් වෙනුවෙන් සෑම සිකුරාදා දිනකම 20%ක වට්ටමක් හිමි වනු ඇත.

    කාඞ්පත් හිමියන්ගේ සෞඛ්‍ය වියදම් වෙනුවෙන් Durdans Hospitals, My Dentist, Nawaloka Hospitals, සහ Northern Central Hospital යන රෝහල්වලින් මෙන්ම Quantum Fitness සහ Eser Marketing International තුළින් 20%ක වට්ටමක් හිමි කර දීමටද සම්පත්කාඞ්ස් පියවර ගෙන ඇත. එසේම දිවයින පුරා තෝරා ගත් රෝහල් සඳහා බිල්පත් ගෙවීමේදී මාස 12ක් දක්වා පහසු ගෙවීමේ පහසුකම් හිමි වීමද විශේෂත්වයකි.

    ගනුදෙනුකරුවන්ට දැරිය හැකි මිල ගණන් යටතේ රථ වාහන සේවාවන් සිදු කර ගැනීම සඳහා Toyota Lanka හි 30%ක් දක්වා වට්ටම් මෙන්ම මාස 12ක පහසු ගෙවීමේ පහසුකමද සම්පත් කාඞ් හිමියන්ට හිමිව තිබේ. MERC-STOPහි තෝරාගත් සේවාවන් සඳහා 10%ක වට්ටමක් මේ තුළින් හිමිවේ.

    අති විශාල ප්‍රතිලාභ හා දීමනාවන් සහිත සම්පත්කාඞ්ස් සෑම විටම කාඞ්පත් අතර ‘වගකීමක් ඇති තේරීමක් ’බවට පත්ව ඇත්තේ ඒ තුළින් ගනුදෙනුකරුවන් වෙත ලබා දෙන අසමසම සේවාව සහ ගුණාත්මකභාවය හේතුවෙනි.

    මෙම වසර මුලදීි පැවති අයහපත් තත්වය හේතුවෙන් කාඞ්පත් හිමියන්ට මුහුණ දීමට සිදුවු මූල්‍ය බර අවම කිරීම සඳහා පියවර රැසක් ගැනීමට සම්පත් බැංකුව කටයුතු කරන ලදී.  ගෙවීම් දිනය දීර්ඝ කිරීම, පොලිය හා ප්‍රමාද ගාස්තු  වලින් නිදහස් කිරීම, අවම ගෙවුම් ප්‍රමාණය සහ පොලිය අවම කිරීම ඒ අතර විශේෂ වේ. සියලුම කාඞ්පත් හිමියන්ට විද්‍යුත් මූල්‍ය ප්‍රකාශනයන් ලබා දී ඇති අතර 0112303090 ට මිස් කෝල් එකක් ලබා දීමෙන් ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඞ් ශේෂ්‍ය සහ අවසන් ප්‍රකාශන තොරතුරු කෙටි පණිවිඩ මඟින් නොමිලේ ලබා ගැනීමටද අවකාශ උදා වේ.

    ගාස්තු 28ක් පමණ අය කරමින් කාඞ්පත් හිමියන් අපහසුතාවයට පත් කරන අනෙකුත් ක්‍රෙඩිට් කාඞ්පත් හමුවේ සම්පත් බැංකුව අයකරනු ලබන්නේ ගාස්තු 4ක් පමණක් වන අතර කිසිඳු අමතර ගාස්තුවක් අය නොකෙරේ. එසේම කාඞ්පත් හිමියන්ට කරදරයකින් තොරව ක්ෂණික මුදල් අත්තිකාරම් ලබා ගත හැකි අතර වාරික සැලසුමක් යටතේ පහසු ගෙවීම් ක්‍රම මඟින් එය පියවීමටද හැකි වේ. කාඞ් ශේෂ හුවමාරු වැඩසටහන තුළින් ගනුදෙනුකරුවන්ට තම ක්‍රෙඩිට් කාඞ්පත්වල හිඟ මුදල් වෙනත් බැංකුවලින් උපචිත පොලිය සමඟ අඩු පොලී අනුපාතයකට සම්පත් ක්‍රෙඩිට් කාඞ්පතට මාරු කර එම මුදල මාසික වාරික වශයෙන් ගෙවීමටද අවස්ථාව ලබා දෙයි. වසර 30කට වැඩි කාලයක් තිස්සේ සම්පත් බැංකුව විසින් අසමසම ආදර්ශමත් සේවාවක් සිය ගනුදෙනුකරුවන් වෙත සපයා ඇත.

    කාඞ්පත් හිමියන් සඳහා ලබා දී ඇති සුවිශේෂී දීමනා පිළිබද වැඩි දුර තොරතුරු දැන ගැනීමට http://www.sampath.lk   වෙත පිවිසෙන්න. නැතිනම් 0112 300 604 අමතන්න.