සමාජ මාධ්‍ය හරහා කොටස් ආයෝජනයට උපදෙස් දෙන අයට අනතුරු ඇඟවීමක්

    November, 21, 2023

    කොළඹ කොටස් වෙළෙඳපොළෙ හි ආයෝජනය කිරීම සඳහා අන් අය හට සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ උපදෙස් දෙන අය වෙත ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව අනතුරු ඇඟවීමක් කර තිබේ.

    සුරැකුම්පත් හා විනිමය කොමිසම මෙහිදී කියා සිටින්නේ එයාකාරයෙන් උපදෙස්, පුරෝකථන දිය හැක්කේ ලියාපදිංචි ආයෝජන උපදේශකවරයෙකුට පමණක් බවයි.

    එසේ නොවන්නේ නම් ඔවුන් සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභා පනත උල්ලංඝනය කිරීමක් සිදුකරනු ලබන බවත් එවැනි අයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලබනු බවත් රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව මෙහිදී අවධාරණය කර සිටී.