මෙඩෙෆ් ඉන්ටර්නැෂනල් හි අධ්‍යක්ෂ බොග්ඩන් ගැඩෙන්-ෆියර්ට්චක් මහතා බලශක්ති කාර්යක්ෂමතාව සහ පරිවර්තන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රංශ විශේෂඥතාව මෙන්ම, ග්‍රැපීන් සමඟ කටයුතු කිරීම තුළ ප්‍රංශයේ පැවැත්ම (ප්‍රංශයේ දකුණු ප්‍රදේශයේ) පිළිබඳව ඉස්මතු කළේය.
වසංගත තත්ත්වය මධ්‍යයේ පවතින ගමන් කොන්දේසිවලට අනුව, නුදුරු අනාගතයේ දී මෙඩෙෆ් ව්‍යාපාරික කවුන්සිලය විසින් ප්‍රංශ සමාගම් 20 කින් සමන්විත ව්‍යාපාරික දූත පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙන යන බවට දෙපාර්ශ්වයම එකඟ වූහ. මෙම සංචාරය සඳහා සූදානම් වීම පිණිස තානාපති කාර්යාලය වෙබිනාර් සාකච්ඡා හා අතථ්‍ය රැස්වීම් මාලාවක් සඳහා සම්බන්ධීකරණය හා පහසුකම් සැපයීම සිදු කරයි.








































































































































