July, 31, 2025
රජය විසින් එළඹෙන සැප්තැම්බර් මාසය ඩිජිටල් මාසය ලෙස නම් කරන බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (31) පෙරවරුවේ කොළඹ දී පැවති උත්සව අවස්ථාවකට එක්වෙමිනි.
"ඩිජිටල් ශ්‍රී ලංකා" යන තේමාව යටතේ නම් කිරීමට නියමිත මෙම ඩිජිටල් මාසයට සමගාමීව වැඩසටහන් බොහෝමයක් සංවිධානය කර ඇති බව ද අමත්‍යවරයා එහි දී පවසා සිටියේය.
"අපි බලාපොරොත්තු වෙනවා රජය විදිහට මේ සැප්තම්බර් මාසය ඩිජිටල් මාසයක් කරලා ඉන් පස්සේ එන දවස් 100 program එකක් විදිහට ගිහිල්ලා Digitalization කියන එකට ජාතික පුනරුදයක් ඇති කරන්න. මොකද අපි බලාපොරොත්තු වෙන්නේ මේ Digitalization වැඩසටහන රජය මගින් කරන කාර්යයක් නෙවෙයි, අපිට ඒකට පෞද්ගලික අංශය සම්බන්ධ කරගන්න ඕන. ඒ වගේම පාසල් මට්ටමේ ඉඳන්, විශ්වවිද්‍යාල මට්ටමේ ඉඳන්, ඒ හැමදෙනාගේම මේකට සහයෝගය, උනන්දුව සහ කැපවීම අවශ්‍යයි, අපිට මේ ඩිජිටල්කරණය හරියට කරන්න. ඒකට අපි රටම ඩිජිටල්කරණය කියන වැඩපිළිවෙලක් කරන්න "ඩිජිටල් ශ්‍රී ලංකා" කියන ටැග් ලයින් එක යටතේ බලාපොරොත්තු වෙනවා. සැප්තැම්බර් මාසේ ඩිජිටල් මාසේ කරලා ඉවරවෙලා. ඒකෙදි සෑහෙන්න events වගයක් එනවා."
Video Story