සැර මත්පැන් බලපත්‍ර ඇති අයට දැනුම්දීමක්

    November, 28, 2023

    ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර සිටී.

    අදාළ නිවේදනයේ මෙසේ සඳහන් වේ.

    2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධවන අදිකාරිය විසින් නිකුත් කරන ලද වලංගු ලියාපදිංචියක් හෝ බලපත්‍රයක් ලබාගෙන ඇති සංචාරක සේවා සපයන්නන් සඳහා 2024 වර්ෂයට සැර මත්පැන් බලපත්‍ර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබයි.

    2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ බලපත්‍ර අලුත් කිරීම 2024 පෙබරවාරි 28 වැනි දින හෝ ඊට පෙර සිදු කළ යුතු අතර එසේ නොමැති සංචාරක ආයතනයන් හි සැර මත්පැන් බලපත්‍ර ආහෝසි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව වෙත ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිර්දේශ නිකුත් කරනු ලබයි.

    බලපත්‍ර අවලංගු කිරීමට නිර්දේශ ලද ආයතනයන් හි බලපත්‍ර වහාම සුරාබදු දෙපාර්තමේන්තුව විසින් අවලංගු කිරීමට කටයුතු කරයි.