සියඹලාගස්වැව වනාන්තරය ආශ්‍රිත භූ දර්ශණය සොබාදහම මත පදනම් වූ විසදුම් භාවිතයෙන් ශ්‍රී ලංකාවේ වියළි කලාපීය ප්‍රථම ආදර්ශ වන භූ-දර්ශ ප්‍රතිස්ථාපන ව්‍යාපෘතිය ලෙස රාජ්‍ය-පෞද්ගලික-ප්‍රජා සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක කරයි

    June, 26, 2025

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුප්පිටියාව ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇති සියඹලාගස්වැව වනාන්තරය සහ එයට ආසන්න භූමි ප්‍රදේශය ආවරණය වන පරිසර සංරක්ෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී ඇත. මෙය රාජ්‍ය-පෞද්ගලික-ප්‍රජා සහයෝගීතාවක් මත ක්‍රියාත්මක වුන අතර  මෙය  ජාතික හා ගෝලීය පරිසර සංරක්ෂණ කටයුතු පුරෝගාමීවන උත්සාහයකි. මෙය ගොඩබිම, ජලය, සහ සසගර ප්‍රදේශවලින් 30% ආරක්‍ෂිත සහ සංරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කරන “30x30” ජෛව විවිධත්ව ඉලක්ක සඳහා සපුරාලීමෙහිද මහඟු දාකත්වයක් සපයයි.

    මෙම ව්‍යාපෘතිය යටතේ දියත් කළ විශිෂ්ට ක්‍රියාමාර්ගයක් වන්නේ, හායනයට ලක්ව තිබී නැවත ප්‍රතිස්ථාපනය කරන ලද සියබලගවැව වනාන්තරය නෛතිකව සංරක්ෂණය කරගැනීමේ පළමු අදියර ලෙස, එහි සීමා ස්ථිරකරණය සඳහා මායිම් ලකුණු පිහිටුවීමය. මෙය, සොබාදහම මත පදනම් වූ විසඳුම් (Nature-based Solutions - NbS) භාවිතයෙන් වනාන්තර භූ දර්ශන ප්‍රතිසංස්කරණයෙහි නව ආදර්ශයක් ලෙස ක්‍රියාත්මක වන Project CORE – Climate-Smart Opportunities through Restoration and Education යන ව්‍යාපෘතිය යටතේ සිදුවෙයි. එය HSBC ශ්‍රී ලංකා මූල්‍ය ආයතනයේ මූල්‍ය දායකත්වයෙන්, සොබාදහම සංරක්ෂණ අන්තර්ජාතික සංගමය (IUCN) සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ  ඒකාබද්ධ සහයෝගයෙන් ඉටු කෙරෙයි.

    2021 වසරෙදී දී ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය තුළ, තුප්පිටියාව ග්‍රාම නිලධාරී වසමේ කිඹුල්වැව එල්ලංගා  පද්ධතියට අයත්  හායනය වූ  වනාන්තර භූමි ප්‍රදේශ ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් (NbS) ආශ්‍රයෙන් නැවත ප්‍රතිස්ථාපන්යට  (Forest Landscape Restoration - FLR) ක්‍රියාමාර්ග සකස් කරයි. එහි අරමුණු වන්නේ ජෛව විවිධත්වය වැඩිදියුණු කිරීම, ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය් නගා සිටුවීම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තුදීමේ හැකියාව ගොඩනැගීම සහ කාබන් තිර කිරීම ඉහල නැංවිම යන්නය.

    මෙහි මූලික කාර්යය වන්නේ, වනාන්තර දෙපාර්තමේන්තුව යටතේ පැවති, සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය සියබලගස්වැව වනාන්තරයේ හෙක්ටයාර් 35ක් ආවරණය වන ප්‍රදේශය නැවත ප්‍රතිස්ථාපනය කිරීමයි. මීට අමතරව, ආසන්න ප්‍රජා භූමි ප්‍රදේශය හෙක්ටයාර් 100ක් තුළ ආහාර වනාන්තර උයන් , වන-සැළසුම් හා පශුසම්භන්ධ ක්‍රම (silvopastoral), ජීව වැටි  සහ මාර්ග අසල පැල වගා ක්‍රම භාවිතයෙන් ප්‍රතිස්ථාපනය  කිරිමද සිදුකරනු ලබයි. මෙම ක්‍රියාකාරකම්වලට මහවිලච්චිය ප්‍රාදේශීය  ලේකම්  කාර්යාලය සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු සහයෝගයද  ලබාදී ඇත.

    මෙහි ප්‍රධාන ක්‍රියාකාරකම් ලෙස:

    • NBS ක්‍රමය යොදාගනිමින් FLR ක්‍රමය මත පදනම්ව හායනය වූ වන වගා භූමිය ප්‍රතිසංස්කරණය කිරීම. එහි අංගයක් ලෙස, ප්‍රජාමූලික පැළ තවානක් ස්ථාපිත කරන ලද අතර, වර්තමානයේ එය වන දෙපාර්තමේන්තුව වෙත භාරදී පහළ මල්වතු ඔය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආශ්‍රිත වන වගාව ප්‍රජා සහභාගීත්වයෙන් ක්‍රියාත්මක වේ.
    • ප්‍රජාවට අයත් භූමින්හි හරිත ආවරණය හා ජෛව විවිධත්වය වැඩි කිරීමට ආහාර වන උද්‍යාන (Food Forest Garden) සැලසුම ආදී නවීන ක්‍රමවේදයන් හඳුන්වාදීම. මේ සදහා පවු 26 ක් සම්බන්ධව ඇති අතර ඔවුන් සදහා අඹ, පේර, දොඩම්, දෙළුම්, ඩ්‍රගැන්ෆෘට්, දෙහි හා කටු අනොදා වැනි පලතුරු ශාක 160ක පමණ ප්‍රමාණයක් සහ ජල සුරැකුම් තාක්ෂණ ලබාදී ඇත.
    • හල්මිල්ල, දොඩම්, ඩ්‍රගැන්ෆෘට් සහ දෙහි වැනි ශාක භාවිතයෙන් ජීව වැටි සදහා (live fence) සැලසුමක් පවුල් 73 ක් සදහා හඳුන්වාදී ඇත.
    • දේශගුණික සුහුරු ක්‍රමවේද භාවිතයෙන් කිරිගව පාලනය සිදුකරන ආකාරය සහ ඒ මගින් කිරි නිෂ්පාදනය වැඩිකරගැනීම සහ එම භුමින්ගේ ඵලදායිතාවය ඉහල නැංවීමේ ක්‍රමවේද හදුන්වාදීම
    • පවුල් 10ක් සදහා අමතර අදායම් මාර්ගයක් ලෙසත්, පවුල්වල පෝෂණය වැඩිකිරීමටත් ගම් කුකුල් පාලනය හදුන්වාදෙන ලදී
    • දේශගුණික සුහුරු ක්‍රමවේද භාවිතයෙන් කිරිගව පාලනය සිදුකරන ආකාරය සහ ඒ මගින් කිරි නිෂ්පාදනය වැඩිකරගැනීම සහ එම භුමින්ගේ ඵලදෛතාවය වදිකරගනීමේ ක්‍රමවේද හදුනවදීම
    • භුමි හායනය අඩු කිරීම සහ ජල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා පාංශු සංරක්ෂණ ක්‍රම ප්‍රවර්ධනය කිරීම.
    • ප්‍රජා ශූරයන් හය දෙනෙකු තෝරා ගැනීම සහ කුඩා ව්‍යාපාර ව්‍යාපාර සඳහා සහාය වීම. මෙම කුඩා ව්‍යාපාරයන් සදහා කුකුල් පැටවුන් අභිජනන මද්‍යස්ථානයක්, බිත්තර ලබාගැනීම සදහා කුකුල් පාලනය ව්‍යාප්ත කිරීම, පැපොල් සහ අනෙකුත් පලතුරු පැල සහිත කෘෂි වන වගා ආකෘතියක් සහ පලතුරු පැල තවානක් ඇතුළුවේ.
    • ජෛව විවිධත්ව සංරක්ෂණය පිළිබඳ පාසල් දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකරන ලදී. ඒ අතරම සියඹලාගස්වැව අශෝක විද්‍යාලයේ සමනල උද්‍යානයක්ද ස්ථාපිත කිරන ලදී.
    • ‘දිරිය ශක්ති’ නමැති ප්‍රජා සංවිධානයක් පිහිටුවා ප්‍රජා සහභාගිත්වය ඉඅහල නැංවීම සහ ව්‍යාපෘතිය අවසන් වූ පසුද කටයුතු පවත්වාගැනීමට රුකුලක් ලබාදීම

    මෙය IUCN හි සොබාදහම මත පදනම් වූ විසඳුම් (Nature-based Solutions - NbS) පදනම් වූ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ දියත් කළ පළමු සොබාදහම මත පදනම් වූ විසඳුම් ආශ්‍රයෙන් සිදුකරන ලද පළමුවන ව්‍යාපෘතිය වන අතර, විද්‍යාත්මක අඛණ්ඩතාවය සහ ප්‍රජා සම්පූර්ණතාවයද සහතික කරයි.

    HSBC ශ්‍රී ලංකාව මුලය දායකත්වය සැපයීමෙන් ඔබ්බට යමින්  සෘජු සහභාගිත්වයක් ලබා දෙන ලදී. HSBC කාර්ය මණ්ඩලය , පැල රෝපණ, පාසල් වැඩසටහන්, සහ ප්‍රජා නායකයන්ට සම්මාන උලෙළවලද සෘජුව දායකත්වය ලබා දී  ඇත. පැවතී වසර 3 තුළ පැවති 2000කට වැඩි ස්වේච්ඡා පැය මෙයට සාක්ෂි දරයි .

    HSBC ශ්‍රී ලංකාහි විධායක ප්‍රධානී, මාර්ක් සර්ජනර් පැවසුවේ:

    “රාජ්‍ය-පෞද්ගලික-ප්‍රජා සහයෝගීතාවයක ශක්තිය විදහා පාමින් සොබාදහම පදනම් වූ විසදුම් වියළි කලාපය සදහා හදුන්වාදීමේ මෙම ව්‍යාපෘතිය සදහා අප සහය දැක්වීම පිළිබද අතිශයෙන් සතුටු වෙමු.

    මෙහිදී පරිසරය පුනරුත්ථාපනය කිරීම පමණකට සීමා නොවී, භූමි හායනය වලක්වා වැඩි පරිමාණයේ සුදුසු අස්වැන්න ලබා ගැනීම සඳහා අවශ්‍ය දැනුම සහ අත්දැකීම් මෙයින් ලැබී ඇත. තවද, අප ආයතනය සහ සොබාදහම සංරක්ෂණ අන්තර්ජාතික සංගමය (IUCN) සමග තිබෙන දීර්ඝකාලීන සහයෝගීතාව මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට ඉමහත් රුකුලක් විය. මේ අතරම මෙම සහයෝගීතාවය හරහා අපගේ ආයතනයේ සේවකයන්ගේ, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමේ සහ ප්‍රජාවන් එක්ව හායනය වූ වන භූමියක් සහ ඒ ආශ්‍රිත භුමි ප්‍රදේශය අරමුණක් සහිතව ප්‍රතිස්ථාපනය කිරීමේ ඉතාමත් වැදගත්වේ. මෙම කර්තව්‍ය සදහා අපගේ ආයතනයේ කාර්ය මණ්ඩලයේ පැය 2,000 කට අධික ස්වෙච්චා කාලයක් 2021 වසරේ සිට යෙදවීම ඉතා වැදගත් කරුණකි. මෙවන් වූ කටයුතු සදහා අපගේ දායකත්වය ලබාදීම අනෙකුත් පාර්ශවකරුවන් සදහාද ආදර්ශයක් වේවායි අපි බලාපොරොත්තු වෙමු.”

    සියඹලාගස්වැව වනාන්තරයේ ප්‍රතිස්ථාපනය යනු ජාතික හා ගෝලීය ඉලක්ක ගැනිමෙහිලා , ප්‍රජා, රජය හා පෞද්ගලික අංශ එක්වූ සහයෝගීතාවයකට විශිෂ්ට වූ  ආදර්ශයක් වේ.

    තවද Project CORE ව්‍යාපෘතිය නියගය වැනි ආපදා කළමණාකාරීත්වය  සහ ජීව විවිධත්ව සංරක්ෂණය එකට ඒකාබද්ධ කරමින්, සමාජීය අභියෝග  නවීන, සහ දේශීයව සුදුසු විසඳුම් මඟින්  ක්‍රියාත්මක කළ, ශ්‍රී ලංකාව තුල  Kunming-Montreal ජාත්‍යන්තර ජීව විවිධත්ව රාමු ක්‍රියාවලියේ (GBF) යටතේ 30x30 සංරක්ෂණ ඉලක්කයට ළඟාවීමේ උත්සාහයන් වේගවත් කළ  ආදර්ශනිය විසදුමක් ලෙසින් දැක්වීමට හැකිය.