සියලු කොටස් මිල දර්ශකය ඒකක 18,800 සීමාව ඉක්මවයි

    July, 14, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (14) දිනයේ දී යලිත් වරක් මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය වාර්තා කිරීමට සමත්විය.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 297.13 ක වර්ධනයක් සනිටුහන් කරමින් ඒකක 18,838.39 ක් ලෙස සටහන් විය.

    සියලු කොටස් මිල දර්ශකයේ මෙම වර්ධනයට සමාගම් 132ක් හේතු වී තිබූ අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව, HNB, මෙල්ස්ටාකෝප් සහ කොමර්ෂල් බැංකුව යන සමාගම් මේ සඳහා බෙහෙවින් හේතු වී තිබුණි.

    මේ අතර S&P SL20 මිල දර්ශකය ඒකක 167.15 කින් ඉහළ ගොස් ඒකක 5,653.65ක් ලෙසින් සටහන් විය.

    අද ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 9.49ක් ලෙසින් වාර්තා විය.