• Ada Derana BIZ Sinhala
  • luxury skin care
  • sri lanka
  • Velvet
  • Velvet Body Wash

සුඛෝපභෝගී වින්දනයක අත්දැකීමක් ලබා දෙමින් වෙල්වට් බොඩි වොෂ් සාධාරණ මිලකට

October, 13, 2022

රටේ ආර්ථික තත්ත්වයන් සහ ඔබේ පෞද්ගලික අවශ්‍යතා සැලකිල්ලට ගෙන දැරිය හැකි මිලකට සම ආරක්ෂණ විසඳුම් මිලදී ගැනීම කාලීන අවශ්‍යතාවයක් වේ. මෙහිදී පාරිභෝගිකයන් විසින්  නිෂ්පාදනයේ  මිල මෙන්ම නිෂ්පාදනයේ ගුණාත්මක භාවය පිළිබඳව ද සලකා බලයි. සුඛෝපබෝගී සම ආරක්ෂණ නිෂ්පාදනවල මිල ඉහළ යමින් පවතින වකවානුවකතමන් සතු මුදලට ගැලපෙනඋසස් තත්ත්වයේ නිවැරදි නිෂ්පාදනයක් තෝරා ගැනීම ඉතා වැදගත් වේ.

Black orchid , Hibiscus සහ Wild Rose යන ප්‍රභේද තුනකින් වෙල්වට් බොඩි වොෂ්  වෙළෙඳ පලට පැමිණ තිබේ.  එමෙන්ම Hydraboost තාක්ෂණයෙන් නිෂ්පාදනය  කර ඇති  Cherry Blossom සහ Vanilla සහ  Shea Butter 140ml සහ 250ml බොඩි වොෂ් නිෂ්පාදන මඟින් මෘදු සමක් සහ දිගු කල් පවතින මොයිස්චරයිසින් ගුණයෙන් අනූන සමක් ලබා දීමට උපකාරී වේ.සෑම වෙල්වට් බොඩි වොෂ් නිෂ්පාදනයක් සඳහාම ද්විත්ව අමුද්‍රව්‍ය භාවිත කරන අතර බොඩි වොෂ් පරාසයේ භාවිතා වන සියලුම අමුද්‍රව්‍ය,   දිගු කල් පවතින සුවඳ විලවුන් සඳහා ප්‍රසිද්ධය.

වෙල්වට් බොඩි වොෂ් එක් නිෂ්පාදනයකින්  දිගු කාලීන තෙතමනයක්  සහ වැඩි සේදුම් වාර ගණනක්  පොරොන්දු වන බැවින් මුදලට සරිලන  වටිනාකමක් සොයන ඕනෑම කෙනෙකුට වෙල්වට් බොඩි වොෂ් විශිෂ්ට  සම ආරක්ෂණ විසඳුමක් ලෙස හඳුනා ගත හැක.

ISO , GMP සහ  IFRA යන ආරක්‍ෂිත ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති වෙල්වට් බොඩි වොෂ් සම මත ඉහල තෙතමනයක්  රඳවා තබන බවට චර්ම විද්‍යාත්මක  සායනික පරීක්ෂණ මගින්  ඔප්පු කර ඇත.

ශ්‍රී  ලාංකේය සමට ගැළපෙන පරිදි නිෂ්පාදන කරන ලද Velvet බොඩි වොෂ්  ඉහළ මොයිස්චරයිසින් ගුණයකින් යුතු වන අතර එමගින් සෑම පුද්ගලයෙකුම  බලාපොරොත්තු වන ආකාරයේ සුසිනිදු සමක් ලබා ගැනීමට උපකාරී වේ.Velvet වෙළෙඳ නාමය soap, body wash, hand wash සහ body lotion ඇතුළු පුළුල් නිෂ්පාදන පරාසයකින් සමන්විත වන අතර එම නිෂ්පාදනයන් අවශ්‍ය  ආරක්ෂිත ක්‍රියාවලින්ට  අනුකූලව ඉහළම ප්‍රමිතියකට  අනුව නිෂ්පාදනය කෙරේ.