July, 14, 2021
ශ්වසන අපහසුතා වලින් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන රෝහල් වලට අත්‍යවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීමට සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ පසුගියදා මාතර දිස්ත්‍රික් මහ රෝහල වෙත උපකරණ පරිත්‍යාග කරන ලදී. මේ අනුව, මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා විසින් රෝගීන්ට ඔක්සිජන් ලබාදීමට අවශ්‍ය වන High Flow Nasal Cannula (HFNC) කට්ටලයක් මෙම රෝහලට ලබා දෙන ලදි. මෙම යන්ත්‍ර මගින් පෙර ඔක්සිජන් ලබාදුන් රෝගීන්ටද නැවත ඔක්සිජන් ලබාදීම සඳහා මෙම උපකරණ භාවිතා කරයි.
සෙලින්කෝ ලයිෆ් විසින් මීට පෙර මෙවැනිම උපකරණ තොගයක් කොළඹ දකුණ ශික්ෂණ රෝහලට, මඩකළපුව ශික්ෂණ රෝහලට, කන්තලේ මූලික රෝහලට, කුලියාපිටිය ශික්ෂණ රෝහලට සහ මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ප්රදානය කරන ලදී.
සෙලින්කෝ ලයිෆ් විසින් මීට පෙර රිජ්වේ ආර්යා ළමා රෝහල, ශ්‍රී ලංකා ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කළුබෝවිල කොළඹ දකුණ ශික්ෂණ රෝහල සහ මහනුවර ශික්ෂණ රෝහල සඳහා අංග සම්පූර්ණ අධි සත්කාර ඒකක පරිත්‍යාග කර ඇත. සමාගම විසින් පරිත්‍යාග කළ මෙම ඒකකය ශල්‍යකර්ම වලට බඳුන් වූ රෝගීන් සුවය ලබා සාමාන්‍ය වාට්ටු තුළට නැවතත් යැවීමට පෙර ඉහළ පශ්චාත් ශල්‍ය රැකවරණයක් ලබාදීම සඳහා ශල්‍ය අධි සත්කාර ඒකකයක් ලෙසින් භාවිතා කරනු ඇත.
සේයාරුවෙන් දැක්වෙන්නේ මෙම උපකරණය පරිත්‍යාග කිරීමේ අවස්ථාවට සෙලින්කෝ ලයිෆ් සමාගමේ සහ මාතර දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජිතයින් එක්ව සිටි ආකාරයයි. (වමේ සිට) සෙලින්කෝ ලයිෆ් ශාඛා ප්‍රධානීන් වන පැතුම් සමන්ප්රිය මහතා සහ ඩිලාල් ජයමිණී මහතා, ව්‍යාපාර සංවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකරු, බී. ඒ. නන්දලාල් මහතා, රෝහල් අධ්යක්ෂ, වෛද්‍ය එම්. ඩබ්ලිව්. එම්. කේ. මැදිවක මහතා, වෛද්‍ය ප්‍රියන්ත ජයවර්ධන මහතා සහ ආර්. එස්. අලහකෝන් හෙදිය, සෙලින්කෝ ලයිෆ් මූල්‍ය සැලසුම්කරු රංජිත් උපවංශ මහතා, ශාඛා ප්‍රධානී, කවීන්ද්‍ර චන්ද්‍රසිරි මහතා.
Video Story