හැරී ජයවර්ධන ලංකාවේ ලොකුම බියර් සමාගමක් මිල දී ගනී

    November, 17, 2023

    ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී (DCSL PLC) සමාගම Heineken Asia Pacific Pte Ltd (HEINEKEN) සමඟ අද (17) දිනයේ දී ගිවිසුමකට එළඹි බව, ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගමේ සභාපති හැරී ජයවර්ධන මහතා පවසයි.

    කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින් ඒ මහතා පවසන්නේ Heineken Asia Pacific Pte Ltd (HEINEKEN) සමාගමේ සියලු කොටස් ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී විසින් මිල දී ගත් බවයි.

    එසේම Heineken හි ජාත්‍යන්තර සන්නාම කළඹෙහි අන්තර්ගත Heineken@, Tiger සහ Anchor සන්නාමයෙන් එන නිෂ්පාදිතයන් හි වෙළෙඳනාම බලපත්‍ර හිමිකාරීත්වය ද මේ අනුව DCSL PLC සතු වනු ඇත.