May, 29, 2025
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සඳහා වැදගත් සහ ශක්තිමත් සහයෝගීතාවක් ලෙස, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) චීනයේ බලවත්ම ඩිජිටල් වේදිකාවන්ගෙන් එකක් වන Mango TV විසින් නිෂ්පාදනය කරන ලද "Serendipitous Journeys" Reality වැඩසටහනේ රූගතකිරීම් සාර්ථකව නිමවා ඇති බවට සතුටින් ප්‍රකාශ කරයි. මෙය චීන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ දී නිර්මාණය කරන ලද ප්‍රථම දෘශ්‍ය වැඩසටහනයි.
Li Chao නම් ප්‍රසිද්ධ නිෂ්පාදකයාගේ ප්‍රමුඛත්වයෙන් සම්පාදනය වූ මෙම සංස්කෘතික හුවමාරුමය වැඩසටහනට චීනයේ ජනප්‍රිය තරු යුවළක් වන Huang Zitao සහ Xu Yiyang දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් නිර්මාණය වී ඇත. ඔවුන් ටැන්සනියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ජනතාවගේ දෛනික ජීවිතයට එකතුවෙමින් එම අත්දැකීම් ප්‍රේක්ෂකයන් සමග බෙදාගනී. ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය ආශ්‍රීතව සම්පූර්ණයෙන්ම සිදු කරන ලද විනාඩි 90ක බැගින් වූ කොටස් 6කින් මෙම වැඩසටහ නිර්මාණය වන අතර එය 2025 ජූලි මාසයේදී ප්‍රදර්ශනයට කිරීමට සැලසුම් කර ඇත.
Video Story