හෙට බැංකු වරුවයි

    August, 4, 2020

    2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්දය විමසන හෙට (අගෝස්තු 05) දිනයේ දී මෙරට වාණිජ බැංකුවල සාමාන්‍ය ගනුුදෙනු දින භාගයකට සීමාවන බව වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් අද දෙරණ Biz කළ සෙයාබැලීමක දී තහවුරු වූයේ හෙට දිනයේ දී බැංකු ශාඛා කලින් වසා දැමීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති බවත්, බැංකු ශාඛා විවෘතව තබන වේලාවන් ශාඛා ඉදිරිපිට ප්‍රදර්ශනය කර තබනු ඇති බවත්ය. එක් එක් බැංකුව සහ ශාඛාව අනුව විවෘතව පවතින වේලාවන් වෙනස් වනු ඇත.

    මේ අනුව 2020 අගෝස්තු 05 වන හෙට දිනයේ දී සාමාන්‍ය බැංකු කටයුතු දින භාගයක කාලයකට පමණක් සීමා වනු ඇත.

    මේ අතර හෙට (05) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ද පෙරවරු 11.00 සිට පස්වරු 12.30 දක්වා පැය 1 1/2 ක කාලයකට පමණක් සීමා වන බව කොළඹ කොටස් වෙළෙඳපොළ දැනුම් දී සිටී.