November, 1, 2020
නිල නිවේදනය:
සේවා නියුක්තිකයන් පිරිසකට COVID-19 වැළඳී ඇති බව තහවුරු වීමත් සමග හොරණ බොඩිලයින් (පුද්.) සමාගම වහා නිසි පියවරයන් අනුගමනය කරයි.
MAS සමූහ ව්‍යාපාරය කවදත් සිය ප්‍රමුඛත්වය ලබාදෙනුයේ සාමාජික සාමාජිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. හොරණ පිහිටි බොඩිලයින් කර්මාන්තශාලාවටද මෙය එලෙසම අදාළ වන අතර, ඒ වෙනුවෙන් දැඩි සෞඛ්‍ය හා ආරක්ෂිත ක්‍රමවේද එහි ක්‍රියාත්මක කර තිබේ. ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සතිපතා එහි අධීක්ෂණ කටයුතු සිදුකරන ලද අතර, මිනුවන්ගොඩ COVID-19 පොකුර සම්බන්ධ තොරතුරු අනාවරණය වීමත් සමග අහඹු PCR පරීක්ෂණ 550 කට අධික සංඛ්‍යාවක්ද සිදුකරන ලදි. කර්මාන්තශාලාව තුළ COVID-19 ආසාදිතයන් සිටී නම් ඔවුන් කල්තබා හඳුනා ගැනීම මෙම සියලු ක්‍රියාමාර්ග වල අරමුණ විය.
මේ ආකාරයට සිදුකරන ලද අහඹු PCR පරීක්ෂණ මාලාවකදී, අපගේ සාමාජිකයෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බවට හඳුනා ගැනුණු බව, හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමන් විසින් ඔක්තෝබර් 30 සිකුරාදා දින රාත්‍රියේදී අප වෙත දැනුම් දෙන ලදි. එය තහවුරු කරගැනීමෙන් අනතුරුව බොඩිලයින් සමාගමේ කළමනාකාරීත්වය විසින් වහාම පහත සඳහන් පියවර ගනු ලැබිණි.
අප මේ වනවිට හොරණ ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ හා පොලිස් අංශ සමග සමීපව කටයුතු කරමින් සිටින අතර, ඔවුන්ගේ උපදෙස් අනුව ඉදිරි පියවර ගැනීමට නියමිතය. සෞඛ්‍ය අමාත්‍යාංශය සමග එක්වී තත්ත්වය සමීපව නිරීක්ෂණය කිරීමටත්, අපගේ කර්මාන්තශාලා මෙන්ම සමස්ත සමාජය තුළ COVID-19 රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගැනීමටත් අපි දිගින් දිගටම කටයුතු කරන්නෙමු.
Video Story