ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1200කින් වතුකරයේ දරුවන්ට රැකවරණය සැළසෙයි

    May, 15, 2024

    අද වන විට වතුකරයේ අවුරුදු 5ට අඩු දරුවන් රැකබලා ගැනීම සඳහා ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1200කින්  සේවය සැලසෙන බව ලංකා වැවිලි කරුවන්ගේ සංගමය පවසයි. වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) යටතේ සංවර්ධනය කර ඇති මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි අරමුණ වී ඇත්තේ වතුකරයේ දරුවන් වෙනුවෙන් වඩා ඵලදායී අනාගතයක් නිර්මාණය කිරීමයි. මේ වන විටත් එහි ප‍්‍රතිඵලයන් ලෙස මෙම ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි රැකවරණය ලැබූ දරුවන් වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව සහ නීතීඥ වෘත්තීය වැනි ක්ෂේත‍්‍රයන් තුළින් ජයග‍්‍රහණයන් හිමි කරගෙන තිබීම සඳහන් කළ හැකිය.

    මීට වසර 150කට පමණ පෙර වතුකරයේ ‘පුල්ලේ මඩු’  සංකල්පය බ්‍රිතාන්‍යන් විසින් ආරම්භ කරනු ලැබීය.  එවකට බ්‍රිතාන්‍යන්ගේ අවශ්‍යතාව බවට පත් වූයේ තේ දළු නෙලීමේ කාර්ය සාධනය ඉහළ දමා ගැනීම විනා දරුවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම නොවිණි. විශ‍්‍රාමික සේවිකාවක ‘පුල්ලේ අම්මා’ නමින් පත්කරනු ලැබූ අතර  කම්කරුවන්ගේ දරුවන් රැකබලා ගන්නා කාමරයක් වූ මෙය පහසුකම් අවම ස්ථානයක් විය. මෙහිදී දරුවන්ගේ වර්ධනය හා සංවර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට ඔවුන් කටයුතු නොකළ අතර ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කිරීම විශේෂත්වයක් විය. දරුවන් ‘පුල්ලේ අම්මා’ සමඟ දවස ගත කළද වෙනත් පහසුකම් එම ස්ථානය නොතිබිණ. එහි පැවතියේ රෙදිවලින් සාදාගත් තොටිල්ලක් වූ අතර සනීපාරක්ෂාව ද ඉතා දුර්වල තත්වයක පැවතිණ.

    පසුව තාක්ෂණික සහකාර කණ්ඩායමක් විසින් වතුකරයේ දිවා සුරැුකුම් මධ්‍යස්ථාන කිහිපයක් සංවර්ධනය කිරීමට කටයුතු කරන ලදී. මෙම සංවර්ධිත දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රෙචස් ලෙස හඳුන්වන ලදී. එහිදී මූලික අධ්‍යාපන සුදුසුකම්ලත් ළමා නිවාස උපස්ථායකයින් පත් කිරීමට ඔවුන් කටයුතු කළද දේශපාලන මැදිහත් වීම හේතුවෙන් සුදුසුකම්ලත් පිරිස් ඊට පත් කිරීමට නොහැකි විය. ඒ නිසා  දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් තුලින් ලැබිය යුතු සැබෑ සේවාව දරුවන් වෙත ලබා දීමට ඔවුන්ද අපොහොසත් විය. ඒ සියලූ කරුණු නිරාකරණය කර ගැනීම වෙනුවෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් ළමා සුරැකුම් මධ්‍යස්ථානයන්හි ස්වභාවය අධ්‍යයනය කිරීමට කටයුතු කරන ලදී.

    1992 වසරේදී පිහිටුවනු ලැබූ වැවිලි මානව සංවර්ධන භාරය, පුද්ගලික අංශය, කලාපිය වැවිලි සමාගම් හා අනෙකුත් පාර්ශවයන් අතර වූ එකඟතාවක් ලෙසද සඳහන් කළ හැකිය. PHDT ආයතනය විසින් එහි සෞඛ්‍ය අංශය යටතේ වෙන ළමා රක්ෂක අංශයක් පිහිටුවන ලදී. එසේම ළමා සංවර්ධනය උදෙසා වූ ජාත්‍යන්තර සංවිධාන සම`ග එක්ව වතුකරයේ දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් පියවර රැසක් ගැනීමට ඔවුන් කටයුතු කරන ලදී. ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සැලසුම ජාත්‍යන්තර සංවිධානයන්හි ඇගයුමට ලක් වූ අතර පසුව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය යටතේ රජයේ ප‍්‍රතිපත්ති අනුගමනය කර එම මධ්‍යස්ථාන සංවර්ධනය කර ක‍්‍රියාත්මක කරනු ලබන ආයතනයක් ලෙස PHDT කටයුතු කරනු ලැබීය.

    PHDT ආයතනය රජයත් සමඟ එක්ව ළමා සංවර්ධන මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීම සඳහා වූ යෝජනාවක් ලෝක බැංකු කණ්ඩායම වෙත ඉදිරිපත් කරනු ලැබීය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකාවට මුල් ළමා විය සංවර්ධන සහාය වෙනුවෙන් ලෝක බැංකු එකඟතාව ලබා ගැනීමේ හැකියාව රජයට උදා විය. 2023 වසර දක්වා එම ව්‍යාපෘතිය සාර්ථකව ක‍්‍රියාත්මක වූයේ වතුකරයේ දරුවන්ගේ අනාගතයට ශක්තියක් වෙමිනි.

    අද වන විට වතුකරයේ සියලූ ළමා සංවර්ධන මධ්‍යස්ථානයන් පවත්වාගෙන යාම හා නඩත්තුව කලාපීය වැවිලි සමාගම් විසින් සිදු කරන අතර ඡු්‍යෘඔ ආයතනය මඟින් ළමා සංවර්ධන මධ්‍යස්ථාන ක‍්‍රියාකාරකම් පවත්වාගෙන යාම හා ළමා සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීම, දැනුම ඉහළ නැංවීම හා යාවත් කාලීන කිරීම සඳහා තාක්ෂණික හා මූල්‍ය පහසුකම් ලබා දෙයි. ඊට අමතරව Unicef, ADB, PDP, PDSP, WVL, Save the children, Preedo යනාදී රාජ්‍ය නොවන ආයතන විසින් පහසුකම් හා සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය අරමුදල් ලබා දීමද සිදු කරයි.

    මෙම තෛපාර්ශවික සහයෝගය යටතේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන 1200ක් නියාමනය කිරීම සඳහා 2017 වසරේදී අන්තර්ජාතික පිළිගත් ජාතික මාර්ගෝපදේශ හඳුන්වා දුන් අතර ළමා සංවර්ධන මධ්‍යස්ථාන වැඩි දියුණු කිරීමේ වැඩසටහනෙහි පියවරක් ලෙස වතුකරයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන 600ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ විණ. අද වන විට ඒ වෙනුවෙන් සුවිසල් කාර්ය භාරයන් ඉටුකරන ඡු්‍යෘඔ හට ප‍්‍රාදේශීය වැවිලි සමාගම් හා රජයේ දෙපාර්තමේන්තු තුළින්ද හිමිවන්නේ සුවිසල් සහායකි. වතුකරයේ දරුවන්ගේ සංජානන ක‍්‍රියාකාරකම්, චිත්තවේගී වර්ධනය, සමාජ සංවර්ධනය, පූර්ව සාක්ෂරතාව හා භාෂා සංවර්ධනය, භෞතික හා සෞඛ්‍ය සංවර්ධනය වැනි විවිධ ක්ෂේත‍්‍රයන් කෙරෙහි අවධානය යොමු කර ඇති ඔවුන් දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර සැපයීම ස`දහා වැඩපිළිවෙලක්ද ආරම්භ කරන ලදී. ඒ යටතේ මව්වරුන්ට දරුවන් වෙත මව්කිරි ලබා දීම ස`දහා ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි මව්කිරි ලබා දීමේ ස්ථාන ආරම්භ කළ ඔවුන් නිවසේ මෙන්ම සංවර්ධන මධ්‍යස්ථානයන්හිද මව්වරුන් දරුවන් පෝෂණය කළයුතු ආකාරය පුහුණු කිරීමටද සමත් විය.

    මේ අතර දරුවන් ස`දහා දහවල් ආහාර වේල නොමිලේ ලබා දීමේ වැඩසටහනක්ද මේ යටතේ ක‍්‍රියාත්මක විය. වතුකරයේ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවන් සපුරාලමින් නිරෝගී දරු පිරිසක් බිහි කිරීම එහි අපේක්ෂාවයි.

    මෙහිදී ළමා සංවර්ධන මධ්‍යස්ථානයන් ස`දහා ගොඩනැගිලි සංවර්ධනය කිරීම, සුදුසුකම්ලත් රැුකවරණ ලබා දෙන්නන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම, ළමා සංවර්ධන මධ්‍යස්ථානයන්හි මූලික අවශ්‍යතා සපුරා ලීම, දරුවන්ගේ සනීපාරක්ෂක තත්වයන් සහ ආරක්ෂාව ඉහළ නැංවීම, ඒවායෙහි ජල, විදුලි, වැසිකිළි හා මූලික පහසුකම් වැඩි දියුණු කිරීම, ගෘහස්ථ සනීපාරක්ෂාව, ආහාර හා වැසිකිළි භාවිතය පිළිබ`ද දෙමව්පියන් දැනුවත් කිරීම, දරුවන්ගේ ප‍්‍රතිශක්තිය වැඩි කිරීම යනාදී වැඩසටහන් රැසක් වතුකරයේ දරුවන් වෙනුවෙන් දියත් කිරීමට ඡු්‍යෘඔ ආයතනය කටයුතු කරන ලදී.

    තවද මේ තුළින් ළමා සංවර්ධන මධ්‍යස්ථාන නිලධාරීන්ට ළමා සංවර්ධන/පෙර පාසල් අධ්‍යාපනය හා කළමනාකරණය පිළිබ`ද ජාතික වශයෙන් පිළිගත් ඩිප්ලෝමාවක් සම්පූර්ණ කිරීමේ අවස්ථාව හිමිකර දුන්නේ පැය 300ක අභ්‍යන්තර ඩිප්ලෝමා වැඩසටහනක් ලෙසය.

    මේ ආකාරයෙන් සංවර්ධනය වෙමින් ඉදිරියට ගමන් කරන ළමා සංවර්ධන මධ්‍යස්ථානයන් නඩත්තු කිරීම හා සියලූ නිලධාරීන් වෙත වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ කලාපීය වැවිලි සමාගම් විසිනි. ළමා සංවර්ධන නිලධාරීන් පුහුණු කිරීම, දැනුම යාවත්කාලීන කිරීම හා අධීක්ෂණය වැනි අවශ්‍යතාවන්වලදී තාක්ෂණික හා මූල්‍යාධාර සැපයීමද ඔවුන් විසින් සිදු කරනු ලබයි. ගොඩනැගිලි ප‍්‍රතිසංස්කරණය හා නව ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් වැවිලිකරුවන්ගේ සංගමය කලාපීය වැවිලි සමාගම් වෙත සිය සහයෝගය ලබා දීමද සිදු කරයි.

    වතු කම්කරු මව්වරුන්ගේ මාතෘ නිවාඩුවලින් අනතුරුව දරුවාට මාස 4ක් 5ක් වන විට ළමා සංවර්ධන මධ්‍යස්ථාන වෙත ඇතුළත් කෙරෙන අතර එතැන් සිට පාසල් යැවීමට සුදුසු වයස එන තෙක් එම දරුවන් ළමා සංවර්ධන නිලධාරිනියන්ගේ රැකවරණයේ පසු වේ. එහිදී මව්වරුන් තමන්ගේ දරුවා රැකවරණය ලබන ළමා සංවර්ධන මධ්‍යස්ථානය ආසන්නයේ දලූ නෙලීම ස`දහා යෙදවීමට කටයුතු කර ඇත්තේ දරුවාට මව්කිරි දීමේ පහසුව හා දරුවා අසනීප වුවහොත් මවට ඉක්මණින් පැමිණීමට ඇති පහසුව සලකා බලමිනි. එමෙන්ම කොවිඞ් වසංගත සමයේදී පෙර පාසල් දරුවන් කොවිඞ් වසංගතයෙන් ආරක්ෂා කර ගැනීම සහ ඔවුන්ගේ පුද්ගල ස්වස්ථතාවය දියුණු කිරීමටද කටයුතු කරන ලදී. එම`ගින් වතුකරයේ ළමා මරණ ඉතා අවම මට්ටමකට තබා ගැනීමට ද හැකියාව ලැබිණි.