October, 28, 2025
අද (28) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 99.57ක පහළ යාමක් වාර්තා විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,689.22ක් ලෙසින් සටහන් වූ අතර මෙලෙස කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූ අඛණ්ඩව තෙවැනි දිනය අදයි.
මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 52.54කින් පහළ ගොස් ඒකක 6,203.09ක් ලෙසින් වාර්තා විය.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සෙංකඩගල ෆයිනෑන්ස්, සම්පත් බැංකුව, CT හෝල්ඩිංග්ස් සහ LOLC හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට බෙහෙවින් හේතු වී තිබුණි. අද දින මිල පහළ යාම් වාර්තා වූ මුළු සමාගම් සංඛ්‍යාව 155ක් වූ අතර සමාගම් 75ක පමණක් කොටස් මිල ගණන් අද ඉහළ ගොස් ඇත.
අද දින ගනුදෙනු පිරිවැටුම වාර්තා වූයේ රු. බිලියන 6.19ක් ලෙසිනි.
එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 6.12ක් ලෙසත් දේශීය විකිණුම් රු. බිලියන 6.08ක් ලෙසත් වාර්තා වී තිබිණ. අද දින විදෙස් ආයෝජකයින්ගේ සහභාගීත්වය ඉතා පහළ මට්ටමක පැවති අතර එහිදී විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 68ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 111ක් ලෙසින් වාර්තා වී තිබුණි.
Video Story