අඛණ්ඩව හතරවැනි දිනයටත් කොටස් වෙළෙඳපොළ පහලට

    November, 18, 2025

    අද (18) කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 172.02ක පහළ යාමක් වාර්තා විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,051.66ක් ලෙසින් සටහන් වූ අතර මෙලෙස කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූ අඛණ්ඩව හතරවැනි දිනය අදයි.

    මේ අතර S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 33.46කින් පහළ ගොස් ඒකක 6,376.54ක් ලෙසින් වාර්තා විය.

    සෙංකඩගල ෆයිනෑන්ස්, HNB, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි, DFCC බැංකුව සහ ඩයලොග් ආසියාටා යන සමාගම්වල කොටස් මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට බෙහෙවින් හේතු වී තිබුණි.

    අද දින මිල පහළ යාම් වාර්තා වූ මුළු සමාගම් සංඛ්‍යාව 178ක් වූ අතර සමාගම් 47ක පමණක් කොටස් මිල ගණන් අද ඉහළ ගොස් ඇත.

    අද දින ගනුදෙනු පිරිවැටුම වාර්තා වූයේ රු. බිලියන 4.43ක් ලෙසිනි.