January, 9, 2026
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් අගය එකතුකළ තේ ආශ්‍රිත කර්මාන්ත අංශය පිළිබඳ ආංශික උපදේශණ සභාවේ නව සභාපතිවරයා ලෙස තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වන හුසේෆා අක්බරලි මහතා (Huzefa Akbarally) පත්කර ඇත.
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා (07 දා) පැවති අගය එකතුකළ තේ ආශ්‍රිත කර්මාන්ත අංශය පිළිබඳ ආංශික උපදේශණ සභා රැස්වීමේදී මෙම පත්කිරීම සිදුකරන ලදී.
අගය එකතුකළ තේ ආශ්‍රිත කර්මාන්ත අංශය පිළිබඳ මෙම ආංශික උපදේශණ සභාව මඟින් එම කර්මාන්ත අංශය සංවර්ධනය සඳහා අවශ්‍ය මඟපෙන්වීම, ක්‍රියාමාර්ග ගැනීම හා ප්‍රතිපත්ති සකස් කිරිම සදහා අවශ්‍ය සහය ලබාදීම සිදුකරනු ලබන අතර නව සභාපතිවරයා ප්‍රමුඛ සභාවේ අනිකුත් සාමාජිකයන් 21 දෙනා සමඟ අගය එකතුකළ තේ ආශ්‍රිත කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳවද අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.
පසුගියදා ඇති වූ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා බලපෑමට ලක්වූ කැලණි ගඟ ආශ්‍රිතව ක්‍රියාත්මකවූ තේ ආශ්‍රිත කර්මාන්තකරුවන් 28 දෙනෙක් සඳහා අදාල රක්ෂණ හිමිකම් ඉක්මනින් ලබා ගැනීම පිළිබඳවද රක්ෂණ නියාමන කොමිසමේ නියෝජිතයින් සමඟ මෙහිදී සාකච්ඡා කළ අතර ඉදිරියේදී මෙවැනි ආපදා තත්ත්වයන් යළි ඇතිවීම වැළැක්වීම සඳහා පහසුකම් සහිත වෙනත් සුදුසු ස්ථානවල මෙම කර්මාන්තකරුවන් ස්ථාපිත කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමුකරන ලදී.
මෙම සාකච්ඡාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාශයේ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශය, වැවිලි අමාත්‍යාංශය, ශ්‍රී ලංකා තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය, කර්මාන්ත සංවර්ධන මණ්ඩලය, රක්ෂණ නියාමන කොමිසම යන ආයතන වල නිලධාරීන්, ආපදාවට ලක්වූ තේ ආශ්‍රිත කර්මාන්තකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
Video Story