September, 30, 2016
1995 අංක 15 දරණ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති පනතේ අංක 28 දරණ පරිච්ඡේදයේ සඳහන් පරිදි ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලයට පැවරී ඇති බලතල අනුව අගලවත්ත වැවිලි සමාගමේ 2014 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂයට අදාළ මූල්‍ය වාර්තාව යළි විගණනය කළ යුතු බවට නිර්දේශ කර තිබේ.
මේ සම්බන්ධයෙන් 2016 සැප්තැම්බර් 27 දින පැවති අධ්යක්ෂ මණ්ඩල රැස්වීමේ දී යෝජනාවක් සම්මත කර ඇත.
මෙහිදී ගනු ලබන ඉදිරි පියවර පිළිබඳ 2016 ඔක්තෝබර් 12 වන දිනට පෙර දැනුම් දිය යුතු බවට ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්රමාත සමීක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් අගලවත්ත වැවිලි සමාගමේ සභාපතිවරයා වෙත ලිපියක් නිකුත් කරමින් දන්වා තිබේ.