March, 18, 2026
කීර්තිමත් මෙල්ස්ටාකෝප් (Melstacorp PLC) සමූහයට පූර්ණ අනුබද්ධිත, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගත් ප්‍රමුඛ පෙලේ පෞද්ගලික රෝහලක් වන මෙල්ස්ටා රෝහල (Melsta Hospitals) පසුගියදා ජාතික රක්ෂණ භාර අරමුදල (NITF) සමඟ සහයෝගීතාවයකට අත්සන් තැබීය.
මෙම සුවිශේෂී සහයෝගීතාවය හරහා රාජ්‍ය සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට මෙල්ස්ටා රෝහල විසින් සපයන ජාත්‍යන්තර ප්‍රමිතියේ වෛද්‍ය සේවාවන් සඳහා පහසු ප්‍රවේශය හිමිවන අතර රෝග විනිශ්චය සඳහා වන නවීන පරීක්ෂණ, විශේෂඥ වෛද්‍ය අධීක්ෂණය ඇතු`ඵ වෛද්‍ය සේවාවන් රැසක් සඳහා සැලකිය යුතු මූල්‍ය සහන සහ තවත් සුවිශේෂී ප්‍රතිලාභ ඔවුන් හට හිමිවනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් මෙල්ස්ටා රෝහලේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය කේ. ත්‍යාගරාජා ඉරෙයිවන් මහතා මෙසේ පැවසීය “සියලුම ශ්‍රී ලාංකිකයන් හට දැරිය හැකි මිලකට, ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවාවක් ලබා දීම මෙල්ස්ටා රෝහලේ මූලික අරමුණයි. උසස් වෛද්‍ය සේවාවක් යනු විශේෂ වරප්‍රසාදයක් නොව රට වෙනුවෙන් රාජ්‍ය සේවයට කැපවුණු සියලු දෙනාටම හිමිවිය යුතු අයිතියක් බවට අපි විශ්වාස කරනවා. ජාතික රක්ෂණ භාර අරමුදල සමඟ අපේ නව සහයෝගීතාවය හරහා එම අයිතියට සාධාරණයක් කිරීමට අපට හැකි වීම අපට විශාල සතුටක්. අපේ සේවය ලැබීමට එන සිය`ඵම අග්‍රහාර ප්‍රතිලාභීන්ගේ අවශ්‍යතා හොඳින් හඳුනාගෙන ඔවුන් වෙනුවෙන් උසස්ම මට්ටමේ සේවයක් සැපයීමට අපේ අත්දැකීමෙන් පිරිපුන්, ප්‍රවීණ කාර්යමණ්ඩලය කැප වී සිටිනවා.”
මෙල්ස්ටා රෝහල සහ ජාතික රක්ෂණ භාර අරමුදල අතර මෙම නව සහයෝගීතාව යටතේ අග්‍රහාර රක්ෂණ හිමියනගේ මූල්‍ය බර අවම කිරීම සඳහා පුළුල් වට්ටම් පෙළක් හඳුන්වා දී ඇත. ඒ අනුව, නේවාසික ප්‍රතිකාර සඳහා රෝහල්ගත වීමේදී අය කරන ඇතුළත් වීමේ ගාස්තුව (Admission Fee) සම්පූර්ණයෙන්ම නිදහස් කර ඇති අතර CT සහ MRI ස්කෑන් අල්ට්‍රා සවුන්ඩ් (USS) සහ X-ray ඇතුළු සියලුම විකිරණවේදී පරීක්ෂණ සඳහා 20] ක වට්ටමක් ලබා දීමට කටයුතු යොදා ඇත. මීට අමතරව ECG, Exercise ECG සහ Echocardiogram ඇතුළු හෘද රෝග පරීක්ෂණ සඳහා 20] ක වට්ටමක්" ද, භෞත චිකිත්සක ප්‍රතිකාර සහ එන්ඩොස්කොපි (Endoscopy) පරීක්ෂණ සඳහා විශේෂ සහන මිලක් ද පිරිනැමේ. එමෙන්ම රෝග නිවාරණ සේවාවන් වෙත ඇති ප්‍රවේශය ද තවදුරටත් පහසු කරමින්, රසායනාගාර පරීක්ෂණ සහ සෞඛ්‍ය පරීක්ෂණ පැකේජ (Health Screening Packages) සඳහා 10] ක වට්ටමක් ලබා දීමට මෙල්ස්ටා රෝහල විසින් කටයුතු යොදා ඇත.
මෙම සහයෝගීතාවයේ තවත් සුවිශේෂී අංගයක් ලෙසින් අග්‍රහාර රක්ෂිතයන් වෙනුවෙන්ම සකස් කළ ‘අම්මා’ සුවිශේෂී පැකේජයන් හරහා සාමාන්‍ය දරු ප්‍රසූත සහ සිසේරියන් (C-Section) සැත්කම් සඳහා විශේෂ සහන මිලක් ලබා දෙන අතර, රෝහල් ගාස්තු, විශේෂඥ වෛද්‍ය ගාස්ත සහ බිළිඳාගේ මූලික BCG එන්නත යන සියල්ල මෙයට ඇතුළත් වේ.
ජාත්‍යන්තර ප්‍රමිතිය වෙනුවෙන් මෙල්ස්ටා රෝහලේ ඇති කැපවීම තවදුරටත් තහවුරු කරමින් මෑතකදී, ලොව වැදගත්ම ජාත්‍යන්තර සහතිකකරණයක් වන ඇමරිකා එක්සත් ජනපදයේ JCI (Joint Commission International – 8th Edition) සහතිකකරණය මෙල්ස්ටා රෝහල විසින් මෑතකදී ලබාගත් අතර නව සහයෝගීතාවය හරහා මූල්‍ය සහනවලට පමණක් සීමා නොවී එම සේවා විශිෂ්ටත්වයද අග්‍රහාර ප්‍රතිලාභීන් හට උපරිමයෙන් ලබා දීම මෙල්ස්ටා රෝහලේ අරමුණයි. ඒ අනුව මෙල්ස්ටා රෝහල සහ ජාතික රක්ෂණ භාර අරමුදල අතර මෙම සහයෝගීතාවය පෞද්ගලික සහ රාජ්‍ය අංශ අතර ඵලදායී සුසංයෝගයකට මනා නිදසුනක් වනු ඇති බවට මෙල්ස්ටා රෝහල විශ්වාස කරයි.
Video Story