September, 12, 2016
සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිස් නවරත්න මහතා
තිරසාර සංවර්ධනය මේ වනවිට ලෝකය තුළ අවධානයට ලක්වී තිබෙන මාතෘකාවකි. මෙහිදී තිරසාර පාරිසරික දායකත්වයට සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි. දශකයකට අධික කාලයක් පුරා තිරසාර වාණිජ වනවගාව මෙරට තුළ ප‍්‍රචලිත කිරීමට සිය දායකත්වය ලබාදෙන සදාහරිත වැවිලි සමාගමේ සභාපති සතිස් නවරත්න මහතා සදාහරිත සමාගම මගින් හඳුන්වාදී තිබෙන සුවිශේෂී ආයෝජන අවස්ථාවන් පිළිබඳ පැහැදිලි කළේ මෙලෙසිනි.
ඔබ වසර ගණනක් පුරා අගාවුඞ් වගාව ගැන සිදුකරන පර්යේෂණ හා අත්හදාබැලීම්වලට දායකවෙමින් තිරසාර වාණිජ වනවගාවක් ලෙස අගාවුඞ් වගාව ප‍්‍රචලිත කිරීමේ නියමුවා බවට පත්වී තිබෙනවා. මේවන විට වාණිජ වන වගාවක් ලෙස අගාවුඩ් වගාව මෙරට තුළ ප්‍රචලිත කිරීම සඳහා ඔබ ගෙන ඇති පියවර මොනවාද?
වාණිජ මට්ටමින් අගාවුඩ් නිපදවන ඇක්විලාරියා ශාකය මෙරටට හඳුන්වා දුන්නේ සදාහරිත සමාගමයි. මෙරටට අගාවුඞ් වගාව හඳුන්වාදීමට දායක වූ පුරෝගාමියා ලෙස පසුගිය වසර ගණනාව පුරා අප අත්පත්කරගෙන තිබෙන දියුණුව පිළිබඳ මම අතිශයින් සතුටට පත්වෙනවා. CA-Kit තාක්ෂණය යොදාගනිමින් ඇක්විලාරියා ශාකය තුළ ගුණාත්මකභාවයෙන් ඉහළ අගාවුඞ් කෘති‍්‍රමව නිෂ්පාදනය කරන ආකාරය ගැන අප නිරන්තරයෙන් ම පර්යේෂණ සිදුකළා. ඒ වෙනුවෙන් අපි විශාල මුදලක් වැය කර තිබෙනවා. ඒ නිසා ම කිසිම බියකින් සැකයකින් තොරව අගාවුඞ් අපනයනය කර ඉහළ ආදායමක් උපයාගැනීමේ අවස්ථාව ආයෝජකයින්ට උදාවී තිබෙනවා.
මෙරට තුළ පර්යේෂණ සිදුකරමින් ගෙවුණු වසර 14 ක පමණ කාලය පුරා සදාහරිත වැවිලි සමාගම සමග 23,000 කට අධික ආයෝජකයින් පිරිසක් මේ වනවිට සම්බන්ධ වී සිටිනවා. එමෙන්ම, මේ වනවිට සදාහරිත සමාගමේ ශාඛා 25 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.
හොරණ නගරයේදී අපේ ව්‍යාපාරය ආරම්භ කරන විට අපිට සිටියේ 20 ක පමණ කාර්යමණ්ඩලයක් පමණයි. මේ වනවිට 500 කට අධික අලෙවිකරුවන් පිරිසක් අප සමග අත්වැල් බැඳගෙන සිටිනවා. ඒ වගේ ම අප සමාගමේ ආයෝජනය කර තිබෙන ආයෝජකයින් පිළිබඳ විශේයෙන් සඳහන් කළයුතුයි. ප‍්‍රකට ව්‍යාපාරිකයින්, විදේශයන්හි සිටින වෘත්තීයවේදීන් හා විදේශිකයින් පවා අප සමාගමේ ආයෝජන සිදුකර තිබෙනවා.
සදාහරිත සමාගම මගින් හඳුන්වාදී තිබෙන අගාවුඞ් වගාව පිළිබඳ විස්තර කළොත්?
අගාවුඞ් යනුවෙන් හඳුන්වන්නේ සුවඳ විලවුන්, රූපලාවන්‍ය හා ඖෂධ නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක්. වල්ලපට්ටා ශාකයෙන් මෙම අගාවුඞ් රසායනය ලබාගැනීමට හැකියි. දේශීයව අප මෙම ශාක වර්ගය වල්ලපට්ටා යනුවෙන් හඳුන්වනවා. නමුත් වල්ලපට්ටා ශාක කැපීම සහ අලෙවී කිරීම මෙරට නීතියෙන් තහනම් වනවා. වැඩුණු ගස්වලින් 2% ක් වැනි අඩු ප්‍රමාණයක තමයි ස්වභාවිකව මෙම රසායනිකය ගහ තුළ හැදෙන්නේ. මේ සඳහා වඩාත් සාර්ථක ම විසඳුමක් ලෙස අගාවුඩ් හඳුන්වා දීමට අප කටයුතු කළා. අගාවුඩ් කෘත්‍රිමව නිපදවීම සඳහා ලොව භාවිතා කෙරෙන සාර්ථක ම තාක්ෂණයවන CA-Kit තාක්ෂණය ද අප ලංකාවට හඳුන්වා දී තිබෙනවා.
ලොව පුරා අගාවුඩ් යොදා ගැනෙන්නේ කුමක් සඳහා ද?
ලොව මිල අධික සුවඳවිලවුන් නිපදවීම සඳහා යුරෝපය තුළ අගාවුඩ් භාවිතා කෙරෙනවා. මැදපෙරදිග රටවල අගාවුඩ් කැබලි (Chips) සඳහා අධික ඉල්ලුමක් පවතිනවා. චීනයේ මිල අධික අත්පළඳනා නිපදවීමට සහ හඳුන්කූරු සඳහා මෙය සුවඳකාරකයක් ලෙස භාවිත කෙරෙනවා. නිවෙස් සුවඳවත් කිරීම, ශරීරයේ ස්නායු පද්ධතිය උද්දීපනය සඳහා ලොව පුරා අගාවුඩ් යොදා ගැනෙනවා. ලොව පුරා මෙතරම් අධික ඉල්ලුමක් පැවතියත් දැනට එම ඉල්ලුමෙන් සපුරාලිය හැකිව තිබෙන්නේ 40% ක පමණ ප්‍රමාණයක් පමණයි.
තේ, පොල්, රබර් වැනි සම්ප්‍රදායික අපනයන බෝගවලට වඩා වාණිජ අගාවුඩ් වගාව විශේෂ වන්නේ කෙසේද?
තේ, රබර් හා පොල් වැනි වගාවන් පිළිබඳ අපේ රටේ බොහෝදෙනෙකුට ප‍්‍රාමාණික අවබෝධයක් පවතිනවා. තේ, පොල් හා රබර් වැනි සම්ප‍්‍රදායික වගාවන් සඳහා දිගු කාලයක් වගේ ම අධික ශ‍්‍රමයක් වැය කිරීමට සිදුවෙනවා. විවිධ වෙළඳපල තත්ත්වයන් සහ අතරමැදියන් නිසා තමන් වැය කරන ශ‍්‍රමයට හා කාලයට සාපේක්ෂව මෙමගින් ලැබෙන ආදායම අඩුයි.
නමුත් අගාවුඩ් වගාවේදී අඩු ආයෝජනයකින්, කෙටි කාලයකදී විශාල ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. විදෙස් වෙළඳපලේදී අගාවුඞ්වලට ඉහළ ඉල්ලූමක් පැවතුණත් මීට සාපේක්ෂව විදෙස් වෙළඳපලට සපයන අගාවුඞ් ප‍්‍රමාණය අඩු මට්ටමක තිබීමෙන් අගාවුඞ් කිලෝවක වටිනාකම රන් කිලෝවක වටිනාකමටත් වඩා වැඩිවී තිබෙනවා. විදෙස් වෙළඳපලේ ඉහළ ඉල්ලූමක් හා වටිනාකමක් අගාවුඞ්වලට හිමිවෙන නිසා සම්ප‍්‍රදායික වගාවන්ට යොදවන ආයෝජනය වෙනුවට අගාවුඞ් වගාවේ ආයෝජනය කිරීමෙන් ස්ථිරසාර ඉහල ප‍්‍රතිලාභ හිමිකරගැනීමට හැකියි.
මෙහිදී එක් අගාවුඞ් ගසකින් අපේක්ෂිත ආදායම රු. 100,000 ක් තරම් ඉහළ ප‍්‍රමාණයක් වනවා. අගාවුඞ් වගාව හා ඉන් හිමිවන ආදායම ගැන වැඩිදුරටත් සඳහන් කළොත් සමාගම වගා කළ අගාවුඞ් පැළ 25 ක වගා බිමක් මිලදී ගැනීමට රු. 414,000 මුදලක් ආයෝජනය කරලා වසර 8ක පමණ කෙටි කාලයකින් ලක්ෂ 25 ක පමණ ආදායමක් ඉපයීමට හැකියි. අක්කරයකට, නැතිනම් අගාවුඞ් පැළ 400 ක වගාවකට රු. 6,624,000/= ක පමණ මුදලක් යොදවලා ලක්ෂ 400 ක තරම් ඉහළ ආදායමක් උපයාගැනීමට ආයෝජකයින්ට හැකිවනවා.
සදාහරිත සමාගම මගින් අගාවුඞ් වගාව සිදුකෙරෙන ආකාරය ගැන පැහැදිලි කළොත්?
සදාහරිත සමාගම සමග සම්බන්ධ වී ආකාර දෙකකින් අගාවුඩ් වගාව සිදු කළ හැකියි. ඉන් එක් ක්‍රමයක් නම්, අපෙන් පැළ ලබා ගෙන තමන්ගේ ඉඩමක එම පැළ සිටුවා නඩත්තු කිරීමයි. වසර 8 ක් වැනි කාලයක් තුළ එහි අදායම් ඉපයීමට හැකිවනවා පමණක් නොව, වසර 8 කට පසුව අගාවුඩ් මිලදී ගැනීම සඳහා සදාහරිත සමාගම ආයෝජකයන් සමග ගිවිසුමකට ද එළඹෙනවා.
අනෙක් ක්‍රමවේදය නම්, සදාහරිත වැවිලි සමාගමේ විශේෂඥයන්ගේ දායකත්වයෙන් අගාවුඞ් වගාකළ ඉඩම් මිලදී ගැනීමයි. මේ ඉඩම්වල අඛණ්ඩ නඩත්තු කටයුතුවලට සදාහරිත වැවිලි සමාගම ද දායකවන බැවින් කිසිඳු නඩත්තු කටයුත්තක් සඳහා වෙහෙස වීමේ අවශ්‍යතාවක් ආයෝජකයන්ට පැන නඟින්නේ නැහැ.
මෙතරම් ඉහළ ආදායමක් හිමිකරගත හැකි අගාවුඞ් වගාව ගැන උනන්දුවන කෙනෙක් ආයෝජනයට පෙර සලකාබැලිය යුතු කරුණු මොනවද?
වාණිජ වනවගා ආයෝජනයක් පමණක් නොව ඕනෑම ආයෝජනයකදී තමන්ට ඉහල ම ප්‍රතිලාභ හිමිවන ආයෝජනය කුමක්දැයි මුලින්ම සොයාබැලිය යුතුයි. අගාවුඩ් වගාවේදී නම් අදාළ සමාගමේ ඉතිහාසය, අලෙවියෙන් පසු සේවාව හා ඔවුන් විසින් කෘත්‍රිමව අගාවුඩ් නිෂ්පාදනය සඳහා භාවිතා කරන තාක්ෂණය පිළිබඳ සොයාබැලිය යුතුවනවා.
එමෙන්ම, ආයෝජන සැලැස්මේ ස්වභාවය, ආයෝජනයෙන් ප‍්‍රතිලාභ ලැබිය හැකි විධිමත් ක‍්‍රමවේදය, අස්වැන්න අලෙවි කළ හැකි නිශ්චිත වෙළඳපලක් තිබේ ද යන්න, තමන් සම්බන්ධවන සමාගම හා එහි ක‍්‍රියාවලිය නීතිමය රාමුවක් තුළ ක‍්‍රියාත්මක වනවාද යන්න ද ආයෝජකයින්ගේ අවධානය යොමුවිය යුතු කරුණු අතරට ඇතුළත් වනවා. තමන් දන්නා හඳුනන අයගෙන් හා අන්තර්ජාලය වැනි මාධ්‍ය මගින් මේ පිළිබඳ පහසුවෙන් සොයාබැලීමට හැකියි.
සදාහරිත වැවිලි සමාගම මගින් ආයෝජකයින්ට ලබාදෙන සේවාවේ සුවිශේෂත්වය ගැන සඳහන් කළොත්?
සදාහරිත වැවිලි සමාගම වසර 14 ක පළපුරුද්ද ඔස්සේ වාණිජ වනවගාවේ නිරතවනවා. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, ඕස්ටේ‍්‍රලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලය, ඕස්ටේ‍්‍රලියාවේ වෙස්කෝප් සමාගම, ජාතික පර්යේෂණ සභාව, පර්යේෂණ සිදුකරන දෙස්-විදෙස් කීර්තිමත් ආයතන හා විශේෂඥයින්ගේ දැනුම යොදා ගනිමින් සදාහරිත වැවිලි සමාගම මේ වෙනුවෙන් දැවැන්ත මුදලක් හා ශ‍්‍රමයක් කැපකරනවා.
CA-kit තාක්ෂණය මෙරට තුළ භාවිත කිරීමේ පූර්ණ පේටන්ට් අයිතිය සදාහරිත වැවිලි සමාගම සතුව පැවතීම මගින් අප ආයෝජකයින් සිදුකරන ආයෝජනයේ විශ්වසනීයත්වය මෙන්ම නීත්‍යනුකූල බව තහවුරුවෙනවා. එමෙන්ම, ඉදිරි වෙළඳ ගිවිසුම් යටතේ අගාවුඩ් නීත්‍යනුකූලව අලෙවි කිරීමෙන් ආයෝජකයාට හිමිකරදෙන සැබෑ වටිනාකම අප ලබාදෙන සේවාවේ සුවිශේෂත්වය අතරට අයත් වනවා. අප ඇතිකරගෙන තිබෙන ඉදිරි වෙළඳ ගිවිසුම් තුළින් අගාවුඞ් අස්වැන්න මිලදීගැනීම, අපනයනය හා නිසි වටිනාකම ලබාදීම වැනි ආයෝජකයින්ට අප ලබාදෙන අමතර සේවාවන් ද අතිශයින් වැදගත්වනවා.
අප සමාගම තුළ ආයෝජකයන්ගේ වගාවට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දෙන කාර්යමණ්ඩල සාමාජිකයන්ගෙන් බහුතරයක් දෙනා වනවගාව, කෘෂිකර්මය හැදෑරූ උපාධිධාරීන්. වනවගාව පිළිබඳ ඉහළ දැනුමක් පවතින විද්වතුන්ගේ නිරන්තර උපදෙස් මේ පිරිසට ලැබෙනවා.
සදාහරිත වැවිලි සමාගම ආයෝජනයේ සුරක්ෂිතතාව ඇතිකිරීමට සුවිශේෂී පියවර ගණනාවක් ගෙන තිබෙනවා. එකම ස්ථානයක වගා නොකර දිවයිනේ විවිධ ප‍්‍රදේශවල වගාකර තිබෙන නිසා දැවැන්ත ආපදා තත්ත්වයකදී එක ප‍්‍රදේශයක තිබෙන වගාවට කිසියම් හානියක් ඇතිවුණත් ඉන් ආයෝජකයාට සිදුවන හානිය අවම කරගැනීමට හැකියි. ජාතික පර්යේෂණ සභාව පවා අප සමග අත්වැල් බැඳගෙන සිටින්නේ වාණිජ වන වගාව වෙනුවෙන් අප දක්වන කැපවීම, උනන්දුව සහ වගකීම්සහගත බව නිසාය යන්න අපගේ විශ්වාසයයි.
ආයෝජනයට උනන්දුවක් දක්වන පාඨකයින්ට අවසාන වශයෙන් ඔබ දෙන පණිවිඩය මොකක්ද?
ආයෝජනයට පෙර අදාළ සමාගම සැබැවින්ම විශ්වසනීය සමාගමක් ද යන්න සහ ජාත්‍යන්තර වෙළඳපලේ සම්බන්ධතා සමගින් මේ අස්වැන්න අලෙවිකිරීමේ හැකියාව පවතිනවාද ආදී කරුණු මෙහිදී වැදගත්වනවා. මෙවැනි දේවල් ගැන සැලකිලිමත් නොවී ආයෝජනයට යොමුවුණොත් සිදුවෙන්නේ වෙහෙස මහන්සියෙන් ඉපයූ මුදල් අපතේ යාම පමණයි.
ඇත්තටම, වාණිජ වනවගා ආයෝජනයක් කියන්නේ ආයෝජකයින්ට මානසික සතුටක් අත්කරදෙන්නක්. අගාවුඞ් වගාව තුළින් පරිසරයට වටිනාකමක් එක්කරන අතරතුර තමන්ගේ අතේ තිබෙන මුදලින් ඵලදායී ආයෝජනයක් සිදුකරලා ඉහළ ආදායමක් උපයාගැනීමට හැකියි. මුල්‍යමය වශයෙන් පමණක් නොව, තිරසාරත්වය පිළිබඳ සැලකීමේදී ද වාණිජ අගාවුඩ් වගා ආයෝජනය නිසැකව ම අසමසම ආයෝජනයක් බව කිව හැකියි.
Video Story