September, 16, 2025
නිෂ්පාදන අංශයේ ශ්රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 අගෝස්තු මාසයේ දී දර්ශකාංක 55.2ක අගයක් වාර්තා කළේය. මෙමගින් පසුගිය මාසයට සාපේක්ෂව අඩු වේගයකින් වුවද නිෂ්පාදන කටයුතුවල වර්ධනයක් පිළිබිඹු කරනු ලැබීය. මෙහිදී, සියලුම උප දර්ශක කඩඉම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුනි.
අගෝස්තු මාසය තුළ දී නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශකවල වර්ධනයට ප්රධාන වශයෙන් ආහාර හා පාන නිෂ්පාදන අංශයේ ක්රියාකාරිත්වය දායක විය. නව ඇණවුම් සහ නිෂ්පාදන ක්රියාකාරකම් අනුව යමින් තොග මිලදී ගැනුම් උප දර්ශකය ද වර්ධනයක් වාර්තා කළේය. අගෝස්තු මාසයේ දී යහපත් රැකියා තත්වයන් පෙන්නුම් කරමින් සේවා නියුක්ති උප දර්ශකය කඩයිම් මට්ටමට වඩා ඉහළ අගයක පැවතුනි.
මේ අතර, සැපයුම්කරුවන්ගේ බෙදාහැරීමේ කාලය මාසය තුළ දී තවදුරටත් දිගු වූ අතර, ප්රතිචාර දැක්වූ ඇතැම් අය විසින් නැව්ගත කිරීමේ ප්රමාදයන් වාර්තා කරන ලදී.
වසර අවසානයේ ඍතුමය ඉල්ලුම ඉහළ යෑමේ බලාපොරොත්තු හේතුවෙන් ඉදිරි මාස තුන තුළ නිෂ්පාදන ක්රියාකාරකම් සඳහා වන අපේක්ෂාවන් ධනාත්මකව පවතී.

Video Story